May 13, 2024

දෙවැනි අදියරේ තැපැල් ඡන්ද විමසීම අද  

මහ මැතිවරණයට අදාළ දෙවැනි අදියරේ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අද (05) සහ හෙට (06) යන දෙදින තුළ පැවැත් වේ.

පොලිස් සහ අධ්‍යාපන සේවයේ නිලධාරීන්ට හැර සෙසු රාජ්‍ය සේවකයින්ට මෙම දින දෙක තුළ තැපැල් ඡන්දය භාවිත කළ හැකි ය.

තැපැල් ඡන්ද විමසීමේ කටයුතු ඉකුත් 03 වැනි දා පොලිස් නිලධාරීන්, කලාප හා කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල නිලධාරීන් සහ ගුරුවරුන් සඳහා ආරම්භ විය.  

මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහ දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ අගෝස්තු මස 08 වැනි දා ය.

මෙවර තැපැල් ඡන්ද දායකයින් ලෙස රජයේ සේවකයින් 567,291 ක් සුදුසුකම් ලබා තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 August 2015 10:27