April 26, 2024

“හොරුන්ට කඩේ යනවා නම් මම මගේ පුතාට වුණත් විරුද්ධ වෙනවා” – ඉරාජ් ගැනත් කියමින් ප්‍රිතිරාජ් වීරරත්න කියූ කතාව

ඉරාජ් වීරරත්න කවුද කියන වග නම් ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

ඉරාජ්ට මේ දවස්වල බොහෝ දෙනෙක් චෝදනා කරනවා.

ඒ පවතින රජය ගෙන ඒමට ඉරාජ් ලොකු වෙහෙසක් දරපු නිසා.

ඒ කෙසේවෙතත් ඉරාජ්ට බොහෝ රංගන ශිල්පින් මේ දිනවල පවතින අරගලයට සම්බන්ධ වන ලෙස ඉල්ලීම් ද සිදු කළා.

නමුත් ඉරාජ්ගෙන් ඒ සඳහා සුබදායි ප්‍රතිචාර නම් එල්ල වුණේ නැහැ.

මේ කෙසේවෙතත් ඉරාජ්ගේ පියා වන පුවත්පත් කලාවේදී ප්‍රිතිරාජ් වීරරත්න ගැන සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහක් ඇති වී තිබෙනවා.

ඒ ඔහු මුහුණුපොතේ තැබූ සටහනකට එක් කළ කමෙන්ටුවක් නිසා.

එම කමෙන්ටුවේ සඳහන් වන්නේ ඔහු නිර්පාක්ෂිකව අරගලයට සහය දක්වන බවයි.

Rate this item
(0 votes)