April 27, 2024

"අර්බුධයෙන් ගොඩ එන්න පාලකයන් සතුව සැලැස්මක් නැහැ" - රවීන්ද්‍ර රන්දෙණියගෙන් ෆේස්බුක් සටහනක්

රවින්ද්‍ර රන්දෙණිය කියන්නේ රංගන ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජබෙන චරිතයක්.

ඉතින් ඔහු ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

හැමෝම දන්නවා ඔහු තම ක්ෂේත්‍රය වෙනුවෙන් සෑහෙන්න කැපවීමක් කරපු පුද්ගලයෙක් කියලා.

මේ කොහොම වුණත් සිනමාවේ ප්‍රේමවන්තයා කියලා තමයි හැමෝම එයාව හඳුන්වන්නේ. 

ආණ්ඩුවට විරෝධය පළ කරමින් කොළඹ ගාලුමුවදොර දී පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාවය අද අටවන දිනයටත් පැවැත්වෙනවා.

තමන් ද ජනතා අරගලයට එක්වන බව වත්මන් රජය බලයට ගෙන ඒම වෙනුවෙන් කටයුතු කළ ප්‍රවීණ රංගන ශිල්පියකු වන රවීන්ද්‍ර රන්දෙණිය මහතා පවසනවා.

ඔහු සිය බිරිඳ වන ප්‍රීති රන්දෙණියය මහත්මියගේ ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා.

තැබූ බලාපොරොත්තු බොඳ වෙමින් රට දිනෙන් දින අර්බුදයට ඇද වැටුණු බව ද ඔහු සටහන් කර තිබෙනවා.

Rate this item
(0 votes)