April 26, 2024

"මමත් 69 ලක්ෂයේ එක්කෙනෙක්" - රට වෙනුවෙන් පාරට බැස්ස සජිත කිව්ව කතාව

සජිත ඇන්තනි කියන්නේ කුඩා කාලයේ ඉඳලාම අපේ රටේ කළා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා කටයුතු කරන කෙනෙක්.

මව සහ පියාගෙන් ලැබුණු ආභාෂයත් උපතින්ම ලැබුණු හැකියාවත් නිසා සජිත අද වෙනකොට ලංකාවේ ජනප්‍රියම නලුවා සම්මානයත් දිනාගෙන ඉන්නවා.

මේ දවස්වල නම් සජිත්ට හැමෝම කියන්නේ සරා කියලා.

නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරාගේ චරිතය නිසා ඔහු අද ගොඩක් ජනප්‍රිය වෙලා ඉන්නවා.

ඒ වගේම සජිත ගැන සුභ ආරංචියකුත් පසුගිය කාලයේ අසන්නට ලැබුනා.

ඒ තමයි ඔහු තාත්තා කෙනෙක් වෙන්න සුදානමින් ඉන්නවා කියලා.

ඒ වගේම මේ දිනවල රටේ පාලකයන් නිසා ඇතිවෙලා තියන තත්වය ඉවසා ගන්න බැරුව හැම නගරයකම මිනිස්සු පාරට බැහැල තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා.

ඒ කිසිම පක්ෂයක් නියෝජනය කරමින් නෙවෙයි. අපේ රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් මේ පාලකයින් ඉවත් කරන්න ඕන නිසා.

ජනතාව ඒ විදියට පාරට පහිද්දී ජනප්‍රිය කලාකරුවන් හැම කෙනෙක්මත් එකතු වෙලා ඉන්නවා.

සජිත ඇතුළු කලාකරුවන් බොහෝ දෙනෙක් කොළඹට එකතු වෙලා තිබුනා.

එහිදී අදහස් දැක්වූ සජිත කිව්වේ මෙහෙම කතාවක්.

"මාත් හැට නව ලක්ෂෙ එක්කෙනෙක් තමයි. හැබැයි මෙතනින් එහාට කිසිම පක්ෂයකට කඩේ යන්නේ නැහැ. අපි මේ රට ඉතුරු කරගන්න ඕනේ. මටත් දරු පැටියෙක් හම්බ වෙන්න ඉන්නවා තව මාස දෙකකින්. මේ වගේ රටකට දරු පැටියෙක් බිහි කරන්න මට ඕනේ නැහැ. රටට යහපතක් කරන්න අපි පාරට බැස්සේ. එතනින් එහාට වෙන කිසිම දෙයක් නැහැ. මේ සිස්ටම් එක චේන්ජ් කලේ නැත්නත් තව පරම්පරා ගානකට දුකක් විදින්න වෙන්නේ."

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 April 2022 16:12