April 27, 2024

ජනතාවගේ සහයට ක්‍රිකට් තරුත් මහ පාරට

පවතින දූෂිත පාලනයට එරෙහිව ජනතාව මේ වන විට පාට පක්ෂ බේදයකින් තොරව අරගලය වෙනුවෙන් මහ පාරට රොක් වී සිටිනවා.

පසුගියදා එම සටනට ලංකාවේ සුපිරිතම ක්‍රිකට් තරු දෙකක් වන සංගක්කාර සහ මහේලත් එකතු වුණා.

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හා ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකු වන සනත් ජයසූරිය ද ජනතාව සමග පාරට බැස තිබෙනවා.

"ශ්‍රී ලාංකිකයන් පසුකරමින් සිටින්නේ සිතාගත නොහැකි දුෂ්කරම කාලයක්. මිනිසුන්ගේ සහ පවුල්වල අය දවස ගෙවා දැමීමට අරගල කරන විට ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වීම දැකීම හද කම්පා කරවන සුළු‍යි; සෑම දිනක්ම ඔවුන්ට දුෂ්කරයි. ජනතාව හඬ නඟමින් ඉල්ලා සිටින්නේ විසඳුමක්" සංගක්කාර ඔහුගේ Instagram පිටුවේ ලියා තිබෙනවා.

ජනතාවට ඇහුම්කන් දෙන ලෙසත් ඔවුන්ගේ "විනාශකාරී දේශපාලන න්‍යාය පත්‍ර" පසෙක තබා ගන්නා ලෙසත් සංගක්කාර රජයෙන් ඉල්ලා සිටියා. 

එමෙන්ම ජනතාවගේ සහයට මාවන් අතපත්තු, රොහාන් මහානාම, උපුල් තරංග වගේම දිමුත් කරුණාරත්න ද  මෙම සටනක එක් වී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 April 2022 09:58