April 27, 2024

රට වෙනුවෙන් කලාකරුවන් රැසක් විරෝධයට එක් වෙයි (PHOTOS)

පවතින පාලනයට සහ රටේ ඇති අර්බුධයට විසදුම් ඉල්ලා අදත් බොහෝ දෙනා රට පුරා උද්ඝෝෂණ වල නිරත වූවා.

එමෙන්ම කලාකරුවන් පිරිසක්ද ඊයේ ඇඳිරි නිතිය මැද තම නිවෙස් වල සිට විරෝධය දක්වා තිබුණා.

අද දිනත් කලාකරුවන් බොහොමයක් තම විරෝධය දැක්වීම සඳහා බත්තරමුල්ල දියත උයනට එක් රොක් වුණා.

කලාකරුවන් දැන්වීම් පුවරුද අතැතිව එක හඩින් පවසා සිටියේ මෙරට උද්ගත වී ඇති මෙම අර්බුධය නිමා කරන ලෙසයි.

ඊට එක්වූ ජනප්‍රිය කලාකරු පේෂල මනෝජ් පුවරුවක් අතැතිව කියා සිටියේ වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට දැඩි කැපවීමක් කළ කලාකරුවන් වන භාතිය සන්තූෂ් සහ ඉරාජ් කොහේ සිටින්නේදැයි කියායි.

රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා, සංගීතා වීරරත්න, සමනලී ෆොන්සේකා, ඉන්ද්‍රචාප ලියනගේ, මහේෂි මධුෂංකා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්‍ෂා ස්වර්ණමාලි, තුමිඳු දොඩන්තැන්න, හේමාල් ගුණසේකර, මුතු තරංගා, අභිෂේකා විමලවීර, රයිනි චාරුකා, සජිත අනුත්තර, ශානිකා වනිගසේකර, නලීන් පෙරේරා, චිත්‍රාල් සෝමපාල, සංඛ දිනෙත්, දුලීකා මාරපන, අශාන්ති ද අල්විස්, පේෂල මනෝජ්, දමිතා අබේරත්න ආදී ජනප්‍රිය කලාකරුවන් රැසක් මෙම විරෝධතාවයන්ට එක්වූවා.

හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා මෙන්ම හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර මහතාගේ බිරිඳ වන යෙහාලි සංගක්කාර මහත්මිය ද කොළඹ දී පැවති විරෝධතාවන්ට එක්ව සිටියා.

මෙම විරෝධතා පැවති ස්ථානවලින් ගමන්ගත් වාහනවල රියදුරන් වාහනවල නලා නාද කරමින් විරෝධතාවයන්ට සහය දැක්වූ අතර ඇතැමුන් ජල බෝතල් ආදිය බෙදාදෙමින් ඔවුන්ට සහයෝගය ලබාදුන්නා.

May be an image of 4 people, people sitting, people standing and outdoors

May be an image of 6 people, people standing and outdoors

May be an image of 7 people, beard, people standing and outdoors

May be an image of 7 people, people standing and outdoors

May be an image of 5 people, people standing and outdoors

May be an image of 1 person, standing and outdoors

May be an image of 2 people, people sitting, people standing, crowd and outdoors

May be an image of 1 person, standing, outdoors, crowd and text that says 'A TM0150'

May be an image of 1 person, standing, crowd and outdoors

May be an image of 2 people, people standing and outdoors

May be an image of 5 people, people standing and outdoors

May be an image of 5 people, people standing and road

May be an image of 4 people, beard, people standing and road

May be an image of 4 people, people standing and outdoors

Rate this item
(0 votes)
Last modified on Monday, 04 April 2022 22:11