April 26, 2024

සමාජ මාධ්‍ය අවහිරය නිසා විදේශිකයන්ට ලංකාව එපා වෙයි

ලංකාවේ  දැනට පවතින අයහාපත් වාතාවරණය හමුවේ ලංකාවේ සංචාරයන් නවතා දමා සිය රටවල් වෙත ගමන් කරන බව ඇල්ල, යාල නැරඹීම සදහා පැමිණ සිටින සංචාරකයින් සදහන් කරනවා.

ලංකාව නැරඹීම පිණිස පැමිණි සංචාරකයින් හට සිය අත්‍යවශ්‍ය වන අන්තර්ජාල පහසුකම් මෙන්ම යුටිබ්, වට්සප් වැනි පහසුකම් රජය විසින් ඊයේ දින පැය ගණනාවකට අවහිර කිරීම මත සංචාරකයින් දැඩි පීඩනයකට පත්ව තිබෙනවා.

"රටේ පවතින අයහාපත් වතාවරණය ගැන කනගාටු වෙනවා. ලංකාවේ මිනිස්සු හරිම හොදයි. රටත් ලස්සනයි හැබැයි රටේ පාලකයින් රටේ සංචාරක කාර්මාන්තය ගැන නොසිතන එක රටට විශාල අවමානයක්." බව එංගලන්තයේ සිට පැමිණි සංචාරකයින් පිරිසක් පැවසුවා.

ඩිසල් නොමැතිකම මත සංචාරකයින්ට යෑමට ප්‍රවාහන පහසුකම් ද අහිමී වීම මුල් කොට ගෙන සති දෙකක් පමණ ඌවේ සහා දකුණේ මුහුදු ආශ්‍රිතවගත කිරීමට පැමිණි සංචාරකයින් සිය සංචාරයන් අතර මග නවතා සිය රටවල් වෙත ගමන් කිරීම සිදුකර තිබෙනවා.

රටට ඩොලර් නොමැතිව පිඩනයකින් පසුවන මෙවන් වතාවරණයක් හමුවේ සංචාරකයින් නැවත පෙරලා යෑම මත සංචාරක කර්මාන්තයද කඩා වැටීමේ අවදානමක් පවතිනවා.

Rate this item
(0 votes)