April 26, 2024

රංගන ශිල්පිනී මල්ලිකා පිලපිටිය දිවි රඟමඩලින් බැස යයි

ජ්‍යේෂ්ඨ රංගන ශිල්පිනී මල්ලිකා පිලපිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය අද (26) පෙරවරුවේ දී අභාවප්‍රාප්ත වී ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

මල්ලිකා පිලපිටිය මහත්මිය රංගන ශිල්පී රොෂාන් පිලපිටිය මහතාගේ දයාබර මෑණියන් ද වනවා.

1936 ඔක්තෝබර් මස 04 වැනි දින හගුරන්කෙත ග්‍රාමයේදී උපත ලැබූ ඩේසි අයිරින් මල්ලිකා පිලපිටිය මියයන විට 86 වැනි වියෙහි පසුවූවා.

ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ "රේඛාව" සිනමාපටය සඳහා ද රංගනයෙන් දායකවූ ඇය "ගොළු හදවත" ටෙලිනාට්‍යය සදහාද රංගනයෙන් දායක වූවා.

Rate this item
(0 votes)