April 26, 2024

බෙල්ලන්විල ඇතා මාගල්කන්දේ හිමිට කිතුල් කොටයෙන් ගහයි (VIDEO)

බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේ සිටින ‘මියන් රජා’ ඇතා සම්බන්ධයෙන් අදහස් පල කරමින් සිටියදී පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි දෙසට එම ඇතා විසින් කිතුල් කොට කැබැල්ල විසි කිරීම සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

මීළඟ දලදා පෙරහැරක දළදා කරඬුව වැඩමවීමේ උරුමකම් ඇති ඇතුන් ගැන යුටියුබ් නාලිකාවකට එක්වෙමින් උන් වහන්සේ අදහස් පල කරමින් සිටියදී මෙම සිදුවීම සිදු වුණා.

මෙරට ප‍්‍රධාන ස්සෘකෘතික උරුමයක් වන දලදා පෙරහැරට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන කුමන්ත‍්‍රණයක් සිදුවන බවද එහිමියෝ එහිදී පවසා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Monday, 21 March 2022 09:34