April 26, 2024

අගමැති මහින්දටත් ස්තූති කරමින් නිල්මිණි තෙන්නකෝන් තැබූ ෆේස්බුක් සටහන

රංගන ක්ෂේත්‍රය තුල ඉමහත් ආදරයක් දිනාගත් ලංකාවේ ප්‍රවීන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියලා කියන්නේ.

ඇය කලා ලෝකයට මතකයන් රැසක් දායාද කල නිලියක්.

ඇය කල සේවය මෙතකැයි කියා නිම කල නොහැක. ඒ සේවය නිසාවෙන්ම ඇයට මෙරට කලා ක්ෂේත්‍රය තුල හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්.

ලංකාවේ ලොකු පොඩි හැමෝම වගේ ඇයට ආදරය කරනවා.

ඇය ලාංකීය සිනමාවේ සිටින දිදුලන තාරකාවියක්.

නිල්මීනි කියන්නේ ආදරණිය අම්මා කෙනෙක්.

සිය දියණියත් සමගින් තනිවම ඉතා ලස්සනට ආදර්ශවත් අයුරින් ජිවත් වෙන කෙනෙක්.

ඒ වගේම ඉතාමත්ම නිහතමානී කෙනෙක්. 

ඇය බොහෝ අවස්ථාවන් වලදී සම්මුඛ සාකච්ඡා වලට ඇවිල්ලා දියණියක් සමග තනි වෙච්චි ඒ කටුක අත්දැකීම් පිළිබඳව ප්‍රේක්ෂකයන් එක්ක බෙදා හදා ගන්නත් අමතක කරන්නේ නැහැ.

ඒ විදියට ඉතාමත් අමාරුවෙන් ගත කරපු කාලෙක නිල්මිණි ඉතාමත් අවාසනාවන්ත විදිහට රිය අනතුරකට මුහුණ දෙනවා.

ඉතින් එදා ඇයට ආදරය කරපු බොහෝ ප්‍රේක්ෂක පිරිසක් ඒ වෙනුවෙන් හඬා වැටෙන පටන් ගත්තා මොකද ඒ තරම් ඇය බරපතළ විදිහට අසාධ්‍ය තත්ත්වයක තමයි හිටියෙ.

ඇයට කොයිතරම් ප්‍රේක්ෂක පිරිසක් ආදරේ කරාද කියනව නම් ඉක්මනටම සුවය පතා ඇය වෙනුවෙන් බෝධි පූජා පවා තියපු රසික රසිකාවියන් හිටියා.

ඉතින් මේ වෙවෙද්දී  ඒ අනතුර වෙලා අවුරුදු ගාණක් ගත වුණත් මේ වසරේ ඒ දිනය සිහිපත් කරලා එදා ඇයට උදව් උපකාර කරපු සියලුම දෙනාට ස්තූතිවන්ත වෙන්න නිල්මිණි තෙන්නකෝන් අමතක කළේ නැහැ.

ඇය ඒ වෙනුවෙන් මුහුණු පොතේ සංවේදී සටහනක් එකතු කරලා තිබුනේ මේ විදිහටයි.

”ජීවිතේ කියන්නේ හරි පුදුම දෙයක්2007.3.14 මගේ ජීවිතේ වෙනස් වෙන්න ගිය තත්පර ගාන මම භයානක රිය අනතුරකට මුහුණ දුන්න අවස්ථාව අදට අවුරුදු 15 එදා මට මගේ ජීවිතය නැවත ලබා දෙන්න. මගේ දුවට එයාගෙ අම්මා ලබා දෙන්න වැලිවේරිය ජනතාව ත්‍රීවිල් රියදුරු සොයුරා රාගම රෝහල එහි වෛදවරුන්. හෙද හෙදියන් ලීසන්ස් රෝහල එහි අධිපතිතුමා නවලෝක රෝහල එහිද අධිපතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා මගේ අම්මා සහෝදරයෝ මට ජීවත් වෙන්න හුස්ම දුන්නා. ඒ වගේම එක පේලියට පායපු තරු 3   කලාකරුවන් මගේ රටේ ආදරණීය ජනතාව විරුවන් මං වෙනුවෙන් මට ලේ දුන්න ආදරණීයන්. සියලු මාධ්‍යවේදීන්ට මං වෙනුවෙන් මගේ හුස්ම මට නැවත දෙන්න. මම වෙනුවෙන්. ඇපකැප වුණ. පිංවත් ඔබ සියලු දෙනාටම. ගොඩාක් පින්, ආදරයි හැමදාමත්. තෙරුවන් සරණයි.”

Rate this item
(2 votes)
Last modified on Saturday, 19 March 2022 22:27