April 26, 2024

"මොළ හතක් තිබුණත් ඇතුළේ තියෙන්නේ ගොම නම් වැඩක් නැහැ" - ශිහාන්ගෙන් සැර කතාවක්

රියැලිටි වේදිකාවක් තුළින් සංගීත ක්ෂේත්‍රයට පැමිණිලා අද වෙනකොට තරු බිහි කරන රියැලිටි වේදිකාවක විනිසුරුවරයෙක් දක්වා පැමිණි අපූරු චරිතයක් තමයි ශිහාන් මිහිරංග.

ඔහු මේ වන විට ගායන ශිල්පියෙක් විදිහට අපූරු ගමනක්  ඇවිත් තිබෙනවා.

ශිහාන් විවාහ වන්නේ ජනප්‍රිය වීමට පෙර සිට ආදරය කරන ලද තරුණිය සමඟයි.

ඇය නමින් ගිෂ්නියි.

ඉතින් මේ වන විට දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙක් වන ශිහාන් ඉතාමත් ම ආදර්ශවත් විදිහට සහ සාර්ථක ලෙස සිය පවුල් ජීවිතය ගෙන යනවා.

කියන්නට තිබෙන දේ කිසිදු බියක් නැතිව කෙළින්ම කියන ඔහුගේ සෘජු ගතිය හේතුවෙන් බොහෝ රසික රසිකාවියන් පිරිසක් ඔහුට ප්‍රිය කරනවා. 

ඉතින් පසුගිය දවසක ශිහාන් හිරු ස්ටාර් වේදිකාව තුළ ගායනයක් ඉදිරිපත් කරපු තරඟකරුවෙකුට අපූරු ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා.

“මොකක් හෝ විෂයකින් අපි ජීවිතය ජය ගන්නවා කියන හීනය මිනිස්සුන්ට තියෙන්න ඕනේ. හීනයක් නැත්තං උදේට නැගිටලා කරන්න දෙයක් නැහැ. තමන්ට තමන් ගැන විශ්වාසයක් කියලා දෙයක් තියෙන්න ඕනේ. හැම වෙලාවකම පරාජයත් ජයග්‍රාහී ලීලාවෙන් පිළිගන්න. එහෙම නැතුව බෑ. මොකද මොල හතක් අටක් තිබ්බත් ඇතුළෙ තියෙන්නෙ ගොම නම් වැඩක් නැහැනෙ”

Rate this item
(3 votes)
Last modified on Wednesday, 16 March 2022 10:45