April 27, 2024

"පතනවා ආයුෂ මගෙනුත් ටිකක් දීලා ආදරණීය අතු සුභ උපන්දිනයක් වේවා” - අතුලගේ කලින් බිරිඳ අමායා තැබූ සටහන

අමායා අධිකාරි කියලා කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ තුළ නිරූපිකාවන් අතර ඉතාමත් කෙටි කාලයකින් තමන්ටම කියලා අනන්‍යතාවක් ගොඩනගා ගත් දක්ෂ නිරූපිකාවක්.

නිරූපණ ක්ෂේත්‍රය තුළින් විවිධ දේවල් ඔස්සේ වෘත්තිය ජීවිතය සාර්ථක කරගත් ඇය දක්ෂ නර්තන ශිල්පිනියක්.

ඒ වගේම අමායා අධිකාරි සිටින විවිධ මියුසික් වීඩියෝ මේ වන විට අපට දැකබලා ගන්න අවස්ථාව උදාවෙලා තියෙනවා.

ඒ අමායා පිළිබඳව වැඩිදුරටත් පසුගිය කාල සීමාවේ කතා කළේ ඇය ක්ෂේත්රයේ දක්ෂ සංගීතඥයෙක් වන අතුල අධිකාරි සමඟ විවාහ වුණාට පසුවයි.

ඒ විවාහයෙන් ඇයට ආදරණීය දියණියක් සිටිනවා.

නමුත් ඔවුන් දෙදෙනාම ඉතාමත් කෙටි කාලයයි එකට ජීවත් වෙන්නේ.

ඒ කෙසේ නමුත් මේ වෙද්දි අමායා අධිකාරි නැවත වතාවක් අලුත් සම්බන්ධතාවයක් පටන් ගන්නවා සංගීත ක්ෂේත්‍රයේ දක්ෂ ගායකයෙක් වන හර්ෂ ධනෝෂ් සමග.

බොහෝ දෙනෙක් නොයෙකුත් කටකතාවන් මේ සඳහා ගෙතුවත් තමන්ගේ පාඩුවේ ගමනක් ගියපු අමායා මේ වෙද්දි හර්ෂ නිසා ආදරණීය මවක් වෙලා.

කෙසේ නමුත් මේ වන විට ඉතාමත් සාර්ථකව ජීවිතය ගතකරන අමායා කලින් සැමියා වන ආදරණීය අතුලත් එක්කත් හොඳ යාළුවෝ වගේ ඉන්නවා.

ඇය සඳහන් කළේ අතුල ජීවිතය මොන විදිහට ගත කළත් ඕන උදව්වක් කරනවා කියලයි.

ඉතින් පසුගිය දවසක අතුල අධිකාරිගේ උපන් දිනය නිමිත්තෙන් අමායා හරි අපූරු සුබ පැතුමක් එකතු කරන්නත් අමතක කළේ නැහැ.

” කොල්ලා ඒ වචනෙ තාමත් ගැලපෙනවා මේ වගේ තරුණ හිත මෙච්චර හොඳ නිසා කියලා මම තරම් දන්න කෙනෙක් නැති තරම්. සැමියා නොවුනත් අද මගේ හොඳම මිතුරා නිසා දුකක් නැහැ. හිතට යාළුවා ෆිට් පොර හින්දා පොඩි බයක් දැනෙනවා අංක  එක එක වැඩි වෙන හින්දා , පතනවා ආයුෂ මගෙනුත් ටිකක් දීලා ආදරණීය අතු සුභ උපන්දිනයක් වේවා”

ඉතින් ඇය තමන්ගේ කලින් සැමියා වන අතුල අධිකාරිට සුබ උපන්දිනයකට සුභ පැතුවේ ඒ විදියටයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 11 March 2022 09:37