May 05, 2024

නැගී එන නිළියට නිර්දේශ වු ටීනා ශනෙල් මුහුණුපොතේ තැබූ සටහන

ටීනා ශනෙල් කියන නම නම් ඔබට හුරුපුරුදුයි. ඒ වගේම ඇගේ රුවත් ඔබට හුරුපුරුදුයි. ටීනා හොඳ නිරූපණ ශිල්පිනියක්. ඇය විවිධාකාර චරිත ඔස්සේ කැමරා කාචයට යොමු වෙනවා. සමහර ඡායාරූපවල ටීනාද කියා සොයා ගන්නත් බැරි අවස්ථාවන් තියෙනවා. ඇය ඒ සදහා උපරිමයෙන් කටයුතු කරනවා.

ටීනා මේ දවස්වල රංගනයෙන් දායකත්වය සපයන නාට්‍යක් තමයි සිහින ගෙනෙන කුමාරියේ කියන්නේ. ඇය එම ටෙලි නාට්‍යයට සම්බන්ධ වන්නේ මේ මෑතකදී. නමුත් ඇය නිසාම ඒ නාට්‍ය නරඹන පිරිසකුත් සිටිනවා කියන කාරණය රහසක් නම් නෙවෙයි.

ටීනා එක්තරා චිත්‍රපයටක් නිසා හැමෝගෙම ආදරය දිනා ගත්තා. ඒ තමයි දේදුනු ආකාසේ චිත්‍රපටය. ඒ චිත්‍රපටය කිහිපවතාවක්ම රූපවාහිනිය ඔස්සේ විකාශය වුණා.

තරුණයන්ගේ සිහින කුමරිය වෙන ටීනා සමාජ මාධ්‍ය එකතු කරන ඡායාරූප වලට හොද ප්‍රතිචාර නම් ලැබෙනවා. සමහර ඡායාරූප සමාජ මාධ්‍ය කලඹනවා.

ඉතින්  ඇය ප්‍රථම වරට රයිගම් ටෙලි සම්මාන උළෙලේ සම්මානයකට ද නිර්දේශ වෙලා තිබුණා යැයි කියන කාරණාව පසුගිය දවස් වල දැකගන්නට ලැබුණා.

ඉතින් 2021 වසරේ නැගී එන ටෙලිනාට්‍ය නිළිය වෙනුවෙන් තමයි ඇයට මේ සම්මාන උළෙලේදී නිර්දේශිත නාමයන් අතරට එන්නට හැකියාව ලැබෙන්නේ.

ඉතින් ස්වර්ණවාහිනි නාලිකාවෙ විකාශනය වූ වලවෙට්ටුවා කියන ටෙලි නිර්මාණයේ වෙල්මා ගේ චරිතයට රංගනයෙන් දායක වීම සඳහා තමයි ඇය මෙලෙස නැගී එන නිළිය විදිහට නිර්දේශ නාමයන් අතරට එකතු වෙලා තිබෙන්නේ.

Ter

 ඉතින් මේ මාසෙ 26 වෙනිද තමයි රයිගම් නාට්‍යය සම්මාන උළෙල පැවැත්වෙන්නේ. ඉතින් එහිදී ඇය නිර්දේශ නාමයන් අතරට පැමිණිලා තියෙනවා කියන ආරංචිය සමාජ මාධ්‍ය ගිණුමක ඇය සදහනක් කරලා තිබුණ බව දැකගන්නට ලැබුණා.

ටීනා ඇයගේ එම සටහන ඉදිරිපත් කරන්නේ මේ විදියට.

” රයිගම් සම්මාන උළෙල 2021 මගේ කලා ජීවිතයේ  ප්‍රථම නිර්දේශය …වේල්මා ඉතාමත් කැපවීමෙන් මහන්සියෙන් කරපු චරිතයක්.. මට මේ අවස්ථාව ලබා දුන් වලවෙට්ටුවා කණ්ඩායමට ස්තුතියි. නිර්දේශ වුණ සියලුම දෙනාට සුබපැතුම්. කලාවේ අැගයීම මොනතරම් නම් උත්තේජනයක් ද..? ස්තූතියි රයිගම්..”

Rate this item
(0 votes)
Last modified on Monday, 07 March 2022 09:48