May 05, 2024

"මිනිස්සු අපි ගැන ගොඩක් කටකතා හදන්නේ අපි ලංකාවේ ගොඩක් ෆේමස් නිසා" - ශනුද්‍රිගෙන් අමුතු කැටයමක්

කලා ලෝකය තුළ ජනප්‍රියතාවයට පත් වෙච්චි කොයි කවුරුත් අතර කතාබහට ලක්වුණු අපූරු පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියලා කියන්නේ.

ඉතින් මේ පවුලේ ආදරණීය සහෝදරියන් තුන්දෙනා ගැන කතා කරද්දී ඔවුන් පිළිබඳව ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ.

මේ දියණිවරුන් තිදෙනාගේ ආදරණීය පියා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් නිසා නිතැතින්ම ඔවුන්ටත් කලා ලෝකයේ දොරගුළු විවර වෙනවා.

මේ අපූරු සහෝදරියන් අතරින් ශනුද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ පවුලේ බඩපිස්සා.

රංගන ශිල්පිනියක් වශයෙනුත්, නර්තන ශිල්පිනියක් සහ නිවේදිකාවක් වශයෙනුත් විවිධ දක්ෂතාවයන් ඔස්සේ කලා ක්ෂේත්‍රයේ නමක් රඳවා ගන්න ඇය දක්ෂ වෙලා තියෙනවා.

මේ වෙද්දි ටෙලිනාට්‍ය ගණනාවකටම තමන්ගේ රංගන දායකත්වය ලබා දී තිබෙනවා.

ඇය රඟපෑ ටෙලි නාට්‍ය අතර ‘දෙවැනි ඉනිම’ ටෙලිනාට්‍යයේ ඇගේ චරිතය ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වුණා.

නමුත් මේ ටෙලි නාට්‍ය මෙගා ටෙලි නාට්‍යයක් නිසා එකෙන් ඉවත් වෙන්න ශනුද්‍රි තීරණය කරනවා.

හිරු නාලිකාවේ මේ දිනවල වැඩි වශයෙන් බොහෝ දෙනෙක් නරඹන “දිවිතුරා” ටෙලි නාට්‍යයේ ‘ඊෂා’ නැමැති චරිතය නිරූපණය කරන්නේ ඇය විසින්.

පසුගිය දිනකදී ශනුද්‍රි එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇය පිළිබඳව තොරතුරු පවසා සිටියේ මේ විදිහට.

“ඇත්තටම මේ දවස්වල රංගනයෙන් දායක වන දිවිතුරා ටෙලිනාට්‍යයට මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඊෂා කියන චරිතය ගොඩක් ආදරෙන් වැළඳ ගෙන තියෙනවා. මේ චරිතයට මම වුණත් ගොඩක් කැමතියි. මොකද ඒක වෙනස්ම අත්දැකීමක්. රූගත කිරීම් තිබුනෙත් වෙනස්ම පළාතක. මගෙ පවුලෙ මායි අක්කලා දෙන්නයි ගොඩක්ම සමීපයි. හැමදේකටම වගේ වැඩිපුරම මට උපදෙස් දෙන්නේ ලොකු අක්කා. අම්මා නම් මොකුත් කියන් නෑ. ලොකු අක්කයි සාරංග අයියයි තමයි හැමදේකටම වගේ මාව තල්ලු කරන්නෙ. අපිටවත් නැති ප්‍රශ්න මිනිස්සුන්ට තියෙනවා. මිනිස්සු විවිධ කතා කියනවා. අපි ඒ දේවල් මොකුත් ගණන් ගන්නේ නෑ. මං හිතන්නේ මිනිස්සු අපි ගැන ගොඩක් කටකතා නිර්මාණය කරන්නේ අපි ලංකාවේ ගොඩක් ෆේමස් නිසා. අපි ලංකාවෙ ඉන්න සාමාන්‍ය මිනිස්සු උනානං කවදාවත් ඔවුන් අපිට කට කතා නිර්මාණය කරන්නේ නැහැ. අපේ පවුලේ හැමෝම හරිම ආදරයෙන් සහ සහයෝගයෙන් තමයි වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා මිනිස්සු කියන කතා අපිට වැඩක් නැහැ.”

Rate this item
(0 votes)
Last modified on Sunday, 06 March 2022 13:45