May 07, 2024

"මිනිස්සු මට එල්ල කළ ගල් ගැසීම් සියල්ලම ඉවසා සිටිමි" - දිනක්ෂිගෙන් සැර කතාවක්

සාරංග, දිනක්ෂි කියන්නේ කලා ලෝකයේ ඉන්න ලස්සනම කපල් එකක්. මෙයාලා ගැන ඉතින් හැමෝම වගේ දන්නවා. හරිම ආදරණිය කපල් එකක්.

සිනහවෙන්, විනෝදයෙන් කාලය ගත කරන මේ දෙපල කලාවේ ලොකු ගමනක් ආවා. අදටත් එලෙසින්ම කලා ලෝකයේ රැදිලා ඉන්නවා.

සාරංග කියන්නේ පුංචි තිරයට මේ වෙද්දී නැතිවම බැරි නළුවෙක්. ඔහු එතරම් දක්ෂ කඩවසම් නළුවෙක්. දිනක්ෂි කලාවේ සිටියත් නිරන්තරයෙන් නිර්මාණ තුලින් දැකගන්න ලැබෙන්නේ නම් නැහැ.

මේ දිනවල නම් ඇය කාර්යබහුල අම්මා කෙනෙක්. දියණියකට උපත දීමත් සමග වගකීම් ගොඩක් එක්ක ඇය කාර්යබහුල වෙලා ඉන්නේ.

දුව එක්ක ඉමහත් සතුටින් තමයි මේ දෙන්නා කාලයගත කරන්නේ. ඒ අවස්ථාවල විවිධ ජායාරූප සහ වීඩියෝ ක්ලිප්ස් ඔවුන් සමාජ මාධ්‍යට එක්කර සිටිනවා.

ඔවුන්ගේ පළමු දරුවා තමයි ඒ. සමහරු ඒවා විවේචනය කරන්නේ හිතාගන්නවත් බැරි ලෙසකට.

කොහොම නමුත් මේ සුන්දර කැදැල්ල හැමදාම සතුටින් තමයි ගත කරන්නේ.  මෙතෙක් ආ ගමන් මග තුළ සාරංගට සහ දිනක්ෂිට විවිධාකාරයේ කටකතාවන් සමාජය තුළින් ගොඩ නැගුණා.

නමුත් ඒ සියලුම දේට ඉතාමත් හොඳින් මුහුණ දෙමින් ඔවුන් දෙදෙනා මේ වෙද්දි ජීවිතය තුළ සාර්ථක වෙලා.

ඒ ගතකරපු අවුරුදු ගණනාව පුරාවට ම ඉතාමත් උපේක්ෂාවෙන් බලපු දිනක්ෂි පසුගිය දවසක හරි අපූරු ඡායාරූපයක් සමඟ තමන්ගේම මුහුණු පොතට සටහනක් එකතු කරනවා.

“විවේචනයට ලක් වෙලා මා නොකල දෙයකට ගොදුරු වීමේ සිට පසුගිය වසර පහ තුළ මිනිස්සු මට එල්ල කළ ගල් ගැසීම් සියල්ලම ඉවසා සිටිමි. මම තවමත් සියලු දුෂ්කරතා වලට එරෙහිව ශක්තිමත්ව සිටිමි. මම මා ගැනම කැඩපත දෙස බලා ආඩම්බර වෙමි. මොකද සියලු වෛරයන් මැද තවමත් මා අල්ලාගෙන සිටීම නිසයි . මට ඒක කරන්න පුළුවන් නම් ඔයාටත් පුළුවන් “

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 March 2022 09:38