May 07, 2024

වසර දෙකකට පසු ළඟට ආ පුතා ගැන ලෝචනා තැබූ ආදරණීය සටහන

February 28, 2022

ලෝචනා ඉමාෂි කියලා කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන කටකාර, දඟකාර සුන්දර රංගන ශිල්පිනියක් කියලා කිවුවොත් හරියටම හරි.

ඉතින් ඒ වගේම ඇය මේ වන විට පුංචි පුතෙකුගේ ආදරණීය සෙනෙහෙබර මවක්ද වනවා.

කොහොම නමුත් මේ සුන්දර රංගන ශිල්පිනිය මේ දිනවල ලංකාවේ තනියම තමයි ජීවත් වෙන්නේ.

ඉතින් ඒකට හේතුව වෙලා තියෙන්නේ ඇයගේ ආදරණීය සැමියා සහ පුතා නෙදර්ලන්තයේ ජීවත්වීමයි.

ඉතින් ඒ වගේම මේ කොරෝනා කාලේ අසීරුවෙන් ඉන්න හුඟාක් අයට කිසිම ප්‍රසිද්ධියක් නැතුවම ලෝචනා උදව් කරනවා.

ඒ අතරේ දරුවන් වෙනුවෙන් උදව් කරන්න ඇය Child Care By Lochana පදනමක්ද පිහිටුවලා තියෙනවා.

ඉතින් වසංගත රෝගී තත්ත්වය  එහෙ මෙහෙ වුණාට පස්සේ ගුවන් ගමන් සඳහා අවසර හිමි උනහම ඔන්න ඇයට හැකියාව ලැබිලා තියෙනවා ආදරණීය දරුවා ලංකාවට ගෙන්න ගන්න.

ඇයට මේ අවස්ථාව හරිම සංවේදී  අවස්ථාවක් වුණා.

මොකද අවුරුදු ගාණක් දැකපු නැති තමන්ගේ ආදරණීය පුතාව මේ මොහොතේදී ඇයට දැකගන්න අවස්ථාව උදා වෙලා.

ඒ සතුට මුහුණු පොතේ සටහනක් එකතු කිරීම මගින් ඇය ප්‍රකාශ කළේ මේ විදිහටයි.

“සුභ උදෑසනක්

මගේ පුතා තමයි මට ලැබුණු හොඳම දේ මගේ දවසේ හිරු එළිය ඔහුයි.මගේ ආත්මයේ සතුටඒ වගේම මගේ ජීවිතේ ආදරය ඔයා ලග නැතිව කොච්චර කාලයක් ගියාද කියල දන්නේ නැහැ.නමුත් අද ඉදල ජිවත් වෙනවා කියලා දැනෙයි.ඔන්න බබා අවා.”

දරුවා ආපු සතුට ඇය වචන වලට හරවලා තිබුණේ ඒ විදිහටයි. ඉතින් ආදරණීය පුතත් එක්ක සතුටින් ම කාලය ගත කරන්න ඇයට හැකි වේවා කියා අපි ප්‍රාර්ථනා ය කරන්නෙමු.

Rate this item
(0 votes)