May 07, 2024

යුදහමුදා සෙබලුන්ගෙන් උතුම් වැඩක්

February 24, 2022

යාපනය වැල්වැටිතුරෙයි පොලිස් වසමේ මාර්ගයක වැටී තිබූ රුපියල් 24,955ක් සහිත මුදල් පසුම්බියක් මුර සේවයේ නිරත යුදහමුදා සෙබලුන් පිරිසකට හමුවීමෙන් පසු මුදල් පසුම්බියේ අයිතිකරු සොයා භාරදීමට පියවර ගෙන තිබීමේ පුවතක් ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

වැල්වැටිතුරෙයි රෝහල් මාර්ගයේ ඊයේ (23) සවස මුර සංචාරයේ නිරත යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 15 වන ගජබා රෙජිමේන්තුවේ සෙබලුන් පිරිසකින් සැරයන් පී.කේ. දිසානායක යුදහමුදා සෙබලාට වැල්වැටිතුරෙයි රෝහල ඉදිරිපිටදී මෙම මුදල් පසුම්බිය හමුවී තිබුණා.

මුදල් පසුම්බියේ අදාල මුදලට අමතරව ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය, බැංකු කාඩ් කිහිපයක් ඇතුලු ලිපි ලේඛන ද තිබී ඇති අතර මුදල් පසුම්බියේ අයිතිකරු වූවේ වැල්වැටිතුරෙයි ඉත්තිඅඩි ප්‍රදේශයේ පදිංචි සෙල්වරාසා මාදන් නැමත්තෙක්.

අනතුරුව ඒ පිළිබඳව වැල්වැටිතුරෙයි පොලිස් ස්ථානයට දැනුම් දී අයිතිකරුගේ ලිපිනයට දැනුම් දී අයිතිකරු වැල්වැටිතුරෙයි පොලිස් ස්ථානයට කැඳවා මුදල් පසුම්බිය ආරක්ෂිතව ලබාදීමට යුදහමුදා නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Rate this item
(0 votes)