May 07, 2024

" මෙහෙම දෙයක් වෙයි කියලා නම් කවදාවත් අපි හිතුවේ නැහැ" - බේබි ශානිකා ෂෙඩ් එකේ ඉඳන් කියූ කතාව

February 23, 2022

රට පුරා බොහෝ ප්‍රදේශවල මේ වන විට පෙට්රල් හිඟයක් ද ඇතිවී තිබෙනවා.

ඇතැම් ඉන්ධන පිරවුම්හල් වල පෙට්රල් තොග අවසන් බවට දැන්වීම් ද ප්‍රදර්ශනය කරමින් තිබෙනවා.

ඉන්ධන පිරවුම් හල්වල පෙට‍්‍රල් ලබා ගැනීම සඳහා දිගු පෝලිම් දැකිය හැකියි.

මේ අතර ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ශානිකා වනිගසේකර (බේබි ශානිකා) ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමක රැඳී සිටින අයුරු දක්නට ලැබුණා.

එහිදී ඇය මාධ්‍යට අදහස් දක්වමින් මෙලෙස සඳහන් කළා,

"ෂෝ වලට යන්න තෙල් ගහගන්න එපැයි. පෝලිමේ ඉඳලා හරි තෙල් ටික ගහ ගන්නවා අපි. අපිට වෙච්ච දෙයක්. හෙට ඉඳලා වැඩ ටික පටන් ගන්නවා. අද ඔක්කොම හරියට කම්ප්ලීට් කරගන්න ඕනේ. ඉතින් ඒක නිසා දැන් පෝලිම පන්න ගන්න බැහැ. බොහොම අමාරුවෙන් මේ ඉන්නේ. මෙහෙම දෙයක් වෙයි කියලා නම් කවදාවත් අපි හිතුවේ නැහැ. බොහොම සන්තෝසයි ඉතින් පෝලිමේ ඉඳලා තෙල් ගහගෙන යන්න වුණ එකට. අපි ඉතින් මේකට කොච්චර විසඳුම් දුන්නත් වැඩක් නැහැනේ. මේවා පේනනෙ නැති කොට්ඨාශයක් ඉන්නවා. ඒ අය තීරණය කරන දේවල් අනුව තමයි මේ රටේ ඉදිරිය අනාගතය තීරණය වන්නේ. මම නම් දන්නේ නැහැ වෙන දෙයට මුහුණ දෙන්න තමයි වෙන්නේ."

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 February 2022 20:10