May 09, 2024

"අපේ වටේ ඉන්න කුහක හිත් තියෙන මිනිස්සුම තමයි ඔළුවට බර දෙන්නේ" - දිනක්ෂිගෙන් සැර කතාවක්

February 23, 2022

සාරංග, දිනක්ෂි කියන්නේ කලා ලෝකයේ ඉන්න ලස්සනම කපල් එකක්.

මෙයාලා ගැන ඉතින් හැමෝම වගේ දන්නවා. හරිම ආදරණිය කපල් එකක්.

සිනහවෙන්, විනෝදයෙන් කාලය ගත කරන මේ දෙපල කලාවේ ලොකු ගමනක් ආවා.

අදටත් එලෙසින්ම කලා ලෝකයේ රැදිලා ඉන්නවා.

සාරංග කියන්නේ පුංචි තිරයට මේ වෙද්දී නැතිවම බැරි නළුවෙක්. ඔහු එතරම් දක්ෂ කඩවසම් නළුවෙක්.

දිනක්ෂි කලාවේ සිටියත් නිරන්තරයෙන් නිර්මාණ තුලින් දැකගන්න ලැබෙන්නේ නම් නැහැ.

මේ දිනවල නම් ඇය කාර්යබහුල අම්මා කෙනෙක්.

දියණියකට උපත දීමත් සමග වගකීම් ගොඩක් එක්ක ඇය කාර්යබහුල වෙලා ඉන්නේ.

දුව එක්ක ඉමහත් සතුටින් තමයි මේ දෙන්නා කාලයගත කරන්නේ.

ඒ අවස්ථාවල විවිධ ජායාරූප සහ වීඩියෝ ක්ලිප්ස් ඔවුන් සමාජ මාධ්‍යට එක්කර සිටිනවා.

ඔවුන්ගේ පළමු දරුවා තමයි ඒ.

සමහරු ඒවා විවේචනය කරන්නේ හිතාගන්නවත් බැරි ලෙසකට.

කොහොම නමුත් මේ සුන්දර කැදැල්ල හැමදාම සතුටින් තමයි ගත කරන්නේ. 

 ඉතින් අද දිනයේ දී දිනක්ෂි ටිකක් සැර ප්‍රකාශයක් සිය ෆේස්බුක් මාධ්‍ය ගිණුම ඔස්සේ පළ කරලා තිබුණා.

ඒ මේ විදියට.

“පිට රට සුදු අම්මලාට නැති ලංකාවේ අපේ අම්මලාට තියෙන මානසික පීඩනය අලුත් අම්මෙකුට දරුවෙක් ලැබුනාට පස්සේ මානසිකව ගොඩක් පීඩා විදිනවා.. ඔය පීඩනය පටන් ගන්නේ බබෙක් ලැබෙන්න කලින් ඉදන්.. ඒ කියන්නේ කසාඳ බදින්නත් කලියෙන්නේ ඉස්සල්ලාම දකින දකින අය අහන්නේ කසාඳ බදින්නේ නැද්ද.. ඊටපස්සේ අහන්නේ මැරි කරලා අවුරුදු කීයක්ද තාම දරුවො නැද්ද.. දරුවෙක් ලැබුනාම තාම එකයිද මට ඔය වයසෙදි තුනක් හිටියා.. ඊටපස්සේ ළමයා කෙට්ටුයි මහත වැඩි එක එක ප්‍රශ්න ඒ හැම ප්‍රශ්නයක්ම වට පිටාවේ මිනිස්සුන්ට මිසක් තමන්ට නෙවෙයිනේ

බබෙක් කුස දරන් ඉද්දි දුවෙක්ද පුතෙක්ද.. පුතෙක් ඇතෙක්නේ.. දුවෙක් සිරියාව.. අම්මේ ඉතින් ඉස්සල්ලාම දුවෙක් වාසනාව.. ඉස්සල්ලාම පුතෙක් හයියක්.. පින පින පින.. මම නම් ආසාවෙන් හිටිය ළමයා තමයි මට ඉස්සල්ලාම ලැබුනේ අනේ.. බලන්නකෝ නේද වාසනාවන්තයි නේද මම.. අර එහා ගෙදර නංගිට අංගවිකල දරුවෙක් ලැබිලලු නේද.. අනේ මන්දා පව්කාර කම.. බලන්නනම් එපා ඒ ළමයා දිහා.. අපි දකින කෙනා වගේනේ ළමයා ලැබෙන්නේ.. බල්ලො පූසෝ අතගාන්න එපා අප්පෝ ළමයගේ මූණත් ඒ වගේ වෙනවලු.. ඔතනත් මානසික පීඩනය දීලා දීලා අම්මලාව තද කරනවා..

කල්පනා කරලා බලන්නකෝ බබා ලැබිලා ගෙදර ආවාම බබාව පිළිගන්න දහසකුත් අය හිටියාට අම්මට ඇනුම් පද කියන්න කී දෙනෙක් ඉන්නවද කියලා.. එතකොට මානසික නිදහසක් කොයින්ද.. අපේ ළමයා නම් කරි කල හතක් බිව්වා.. අපේ ළමයගෙන්නම් කිසි වදයක් නෑ අනේ නැලවිලි ගීයක් කියපු ගමන් නිදි.. චුට්ටකට ළමයා ඇඬුවොත් ඇයි අඬන්නේ බඩ පිරිලා නෑ නේද..ඇයි ඔයාට කිරි නැද්ද.. කිරි දෙන්න ඕනේ බඩ පිරෙන්න.. බලෙන් දෙන්න.. ඇහැරවලා දෙන්න..

අම්මා කෙනෙක් උනාම හැමදේම දරාගන්න ඕනේ.. නිදාගන්න බෑ තමයි ළමයි හැදුවාම ඔහොම තමයි.. නිදහසක් අහලකවත් නෑ තමයි හොයන්නත් එපා දරුවො ලැබුණාම ඔහොම ඉන්න ඕනා.. දරුවෙකුට ආදරේ අම්මෙක් උනාම දරුවො මත්තෙම නැහෙන්න ඕනේ..

අම්මා කෙනෙක් උනාම චූ නාන්න ඕනේ.. කක්කා නාන්නා ඕනේ.. අප්පෝ පැම්පස් දාන්න එපා.. ඕවා දැම්මාම ළමයිගේ කකුල් බකල් වෙනවා.. ළමයි පොඩි කාලේම වඳ වෙනවා.. අපිනම් චූ පෙරාගෙන කක්කා පෙරාගෙන ළමයි බැලුවේ.. පැම්පස් අන්දන්න අම්මලා දරුවෙකුට ආදරේ අම්මලා නෙවෙයි.. ඔයාට නෝර්මල්ද , සීසර්ද.. අප්පෝ අපේ ළමයානම් හරිම ලේසියෙන් කරදරයක් නැතුව ලැබුනා.. සීසර් බබා ලැබෙන අම්මලාට කොයින්ද දරුදුක.. නෝර්මල් බබා ලැබුනාම යෝනියේ දාන කැපුම ලොකු උනොත් husband පිට යනවලු නේද.. අනේ මන්දා අනේ..

බබාට දෙන්නේ පිටි කිරිද.. ඇයි කිරි නැද්ද ඔයාට.. කිරි එරෙන්නත් පින තියෙන්න එපැයි.. ඒ දවස් වල මට හතර වෙනි ළමයා ලැබිලා ගෙදර එනකොටත් කිරි ඉතිරෙනවා.. ඒ තරම් වාසනාව..

ඔයාගේ බබා හරි කෙට්ටුයි නේද.. ඇයි ඒ කවන්නේ නැද්ද.. අපිනම් අම්මෝ වටේ ඇවිද ඇවිද කැව්වා.. හොද බරක අ⁣පේ ළමයි හිටියා.. අනේ මන්දා නේද මේ ළමයට ලෙඩක්ද දන්නේ නැහැ.. හොදටම කෙට්ටුවෙලා නේද.. පව්.. බබාගේ නහය නෑ නේද.. බබාගේ කකුල් බකල් නේද.. ඕවා අතගාන්න හදන්න.. ඇඬුවට කමක්නැ හදන්න ඕනි.. ලොකු වෙද්දි කැතයිනේ.. දරුවට වතුර දෙන්න මාස හයක් නොගියට කමක්නෑ..

ඔයා හොදටම කෙට්ටු වෙලා නේද.. ඔයා හොදටම ලස්සන වෙලා ලස්සන උනොත් දරුවා ගැන හිතන්නේ නැහැ.. කෙට්ටු උනොත් දරුවා වෙනුවෙන් නහින්න ඕනි.. දුක් විදින්න ඕනි ගැහැණියක් උනාම ඔහොමයි.. දුක දුක දුක.. හැම වෙලේම දුක.. ඒක ඉරණම දෛවය.. ඔතනින් පස්සෙත් අම්මෙකුගේ හිතට කොයි තරම් වදයක් දෙනවද සමාජය.. ඇත්තටම ඒ ඇයි.. එයාලට කැපී පෙන්න තියෙනව උවමනාව නේද.. හැම දරුවම එක වගේද.. හැම අම්මෙකුගේම මනස එක වගේද නෑනේ.. හිස් වචන දොඩන මිනිස්සු ඉස්සරහා නිහඬ වීම තමයි හොඳම පිළිතුර.. ඒ වගේම මිනිස්සුන්ට දෙයක් කියන්නත් බෑ කියලා තේරුම් කරන්නත් බැ..

අලුත් අම්මා කෙනෙක් බලන්න ගියාම ඔය වගේ දේවල් නොකියා ඉන්න.. අලුත් අම්මලා ඔය කියන කියන දේවල් ඔළුවට දාගන්නත් එපා.. දරුවා බලලා ඇද කුද හොයන්නේ නැතුව ගෙවල් වලට යන්න.. තමන්ගේ ගැන පම්පෝරිය ගහන්න එපා කාලේ අලුත් වෙනවා.. හැමදාම එක වගේ නෑ..

දරුවා බලන්න යනවා කියලා ඕප හොයන්න නොයා අලුත් අම්මගෙන් විස්තර අහන්න.. ඔයා ටිකක් නිදාගන්න මම දරුවා බලාගන්නම් කියන්න.. එහෙම බැරිනම් ඔයා දරුවා බලාගන්න මම වැඩ ටික කරන්නම් කියන්න.. එහෙමත් බැරිනම් හිස් වචන කතා නොකර දරුවා බලලා ගෙවල් වලට යන්න..

දරුවෙක් බිහි කරන එක ලේසි නෑ වගේම තමයි මනස ආයිමත් මුල ඉදන් හදාගන්න එක.. අම්මලාට තියෙන ප්‍රශ්න ඩොක්ටර්ගෙන් හරි මිසීගෙන් හරි අහනා දැනගන්න.. ඕනි කරම් යූටුබ් චැනල් තියෙනවා මිඩ්වයිෆ් මිස්ලා කරන හැම විස්තරයක්ම තියෙනවා.. ෆෝන් එකත් අතේ තියෙන නිසා ඒ දේවල් බලලා විස්තර දැනගන්න.. යල් පැනපු මෝඩ අදහස් තියෙන සමහර අම්මණ්ඩිලා කිය කතා අහන්නේ නැතිව..

අලුත් අම්මා කෙනෙකුට ඕනි මානසික නිදහස වගේම ඉතා හොඳ ඇගයීම්නේ.. පිටරට සුදු අම්මලාගේ වෙනසයි අ⁣පේ අම්මලාගේ වෙනසයි හිතාගන්න පුළුවන්ද.. අපේ වටේ ඉන්න කුහක හිත් තියෙන මිනිස්සුම තමයි ඔළුවට බර දෙන්නේ.. ඉතින් ඒ වගේ මිනිස්සු කියන දේවල් ගනන් නොගෙන අපේ මනස නිදහස් කරගන්න එක තමයි ලොකුම දේ…

අනිත් අයට ඕනි විදියට එයාලා කියන විදියට නෙවෙයි තමන් කැමති විදියට ජීවිතය ගෙවන්න.. තමන්ගේ දරුවා තමන් කැමති විදියට බලාගන්න හදාගන්න..තමන්ගේ දරුවා හදාගන්න ලේසි තමන් කැමති විදියට හැදුවොත් මිසක් අරයා මෙයා කියන විදියට හැදුවොත් නෙවෙයි..තමන්ගේ මනස නිදහස් කරගන්න ලේසි තමන්ට ඕනි විදියට ජීවත් උනොත් මිසක් එක එක්කෙනාගේ වල්පල් ඔළුවෙ දාගත්තොත් නෙවෙයි..කාවවත් හදන්න ඕනි නෑ අපිට.. ඒ වගේ මිනිස්සු අපිට හදන්නත් බෑ.. ඒ හින්දා හොඳම දේ තමන් කැමති විදියට තමන් කැමති දේ කරන එක.. අනිත අයට ඕනි විදියට ජීවත් වෙන්න ගියොත් අම්මලාට හැමදාම ප්‍රශ්න..සමහර මගේ අත්දැකීම් වලින් ටිකක්”

Rate this item
(2 votes)
Last modified on Tuesday, 22 February 2022 19:12