May 18, 2024

මියගිය යාචකයා ළඟින් ලක්ෂ ගණනින් මුදල් මතුවෙයි

February 11, 2022

මාතර - හක්මන - කෝංවල ප්‍රදේශයේ මාර්ගයක සිඟමන් යදිමින් ජීවත් වූ යාචකයෙක් ඊයේ (10) හදිසියේ මියගොස් තිබෙනවා.

ඔහුගේ කලිසමේ සාක්කු කිහිපයක් තිබී ඇති අතර එම සාක්කුවල රුපියල් ලක්ෂ 4කට ආසන්න මුදලක් තිබී සොයා ගත් බව වාර්තා වෙනවා.

හක්මන කෝංගල නැගෙනහිර ප‍්‍රදේශයේ පදිංවිව සිටි 69 හැවිරිදි ඊ. එස්. විමලදාස නම් යාචක පුද්ගලයෙක් එලෙස මියගොස් තිබූ බවයි පොලීසිය පැවසුවේ.

අදාළ පුද්ගලයා මියගොස් තිබුණේ ඔහු පදිංචිව සිටි නිවස අසල කන්දකින් පහළට පෙරළී යෑමෙනි.

තනිව ජීවත්වී ඇති එම පුද්ගලයා මීට පෙර හේවිසි වාදන ශිල්පියෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයාට කිසිදු ඥාතියෙකු සිටින බවටද තොරතුරු නොමැති බවයි.

පසුව පොලීසිය ඔහු නැවතී සිටි කාමරය පරීක්ෂා කර ඇති අතර එහි තිබූ කලිසමක තිබියදි මෙම මුදල් සොයාගෙන තිබෙනවා. 

එහි රහස් සාක්කු කිහිපයක් තුළ මෙම මුදල් තිබූ බව පොලීසිය පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 11 February 2022 20:21