May 18, 2024

තැඹිලි ගහේදී සිහි නැති වූ තරුණයා බේරාගන්න මෙහෙයුමක්

February 10, 2022

තැඹිලි වල්ලක් කපමින් සිටියදී පාදයට පිහිපහරක් වැදී අධික රුධිර වහනය සමඟින් ගස උඩ සිහිමුර්ජාවී සිටි තරුණයකු කළුතර නගර සභාවේ ගිනිනිවන ඒකකය සමඟ එක්ව කල මෙහෙයුමකදී බේරා ගැනීමට හැකි වූ බව දොඩම්ගොඩ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද පුෂ්පකුමාර මහතා පැවසුවා.

මෙසේ තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ දොඩංගොඩ ප්‍රදේශයේ 26 හැවිරිදි තරුණයෙක්.

දොඩංගොඩ සුදර්ශනාරාම විහාරස්ථානයේ තැඹිලි වල්ලක් කැපීම සඳහා ඔහු ගසට නැග ඇති අතර, එහිදී තැඹිලි වල්ලට එල්ල කල මන්නා පහරක් වම් පාදයකට වැදී තිබෙනවා.

ඒ අවස්ථාවේදී 1990 ගිලන් රථයක් ගෙන්වීමට කටයුතු කර තිබූ අතර, ඉක්මනින් තුවාලකරු නාගොඩ මහ රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 11 February 2022 00:16