May 19, 2024

අසේකාට පෙම්වතා දුන් අපූරු සප්‍රයිස් එක (PHOTOS)

February 10, 2022

චන්න විජේවර්ධන කියන නම ඔබට හුරු පුරුදු බව නම් අමුතුවෙන් කිව යුතු නැහැ.

ඒ වගේම තමයි චන්න විජේවර්ධනගේ ආදරණීය බිරිද තමයි උපුලී පණීභාරත කියන්නේ.

මේ යුවල තමයි දේශීය නර්තනය ඊළග පරපුරට දායාද කරන්න ඇප කැප වෙලා ඉන්නේ.

ඒ ආදරණීය යුවළගේ දියණිය තමයි අසේකා විජේවර්ධන කියලා කියන්නේ.

ඇයත් පරම්පරාවෙන් ආ නර්තන හැකියාව උපරිමයෙන් තියෙන යොවුන් නර්තන ශිල්පිනියක්.

කොළඹ කාන්තා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබපු ඇය උසස් අධ්‍යාපන කටයුතු නර්තන අංශයෙන් නිම කරනවා.

අසේකා මේ වන විට මේ වන විට චන්න උපුලි ඩාන්සින් ඇකඩමියේ වැඩ කටයුතු කරගෙන යනවා.

මේ රූමත් තරුණියට පසුගියදා අපූරූ surprise එකක් ලැබෙනවා.

ඒ තමන් විවාහ වෙන්න සිටින තරුණයාගෙන් විවාහ යෝජනාවක්.

මේ surprise එක මේ තරුණයා දෙන්නේ හෙලිකොප්ටරයේ ඇවිත්.

අසේකාව ඒ අවස්ථාවේදී කුඩා දරුවෙකු ඇවිත් අතින් අල්ලාගෙන ඒ ස්ථානයට යනවා.

පසුව ඇයට මුද්දක් පලදවලා විවාහයට කැමතිද යනුවෙන් අසා තිබෙනවා.

මෙම වීඩියෝවට හැමෝම ගොඩක් හොද ප්‍රතිචාර දක්වලා තියෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 09 February 2022 21:34