May 19, 2024

ලංකාවේ එහා කොනේ සිට මෙහා කොනට පැය 27කින් පාපැදි තරගය නිමා කල ගමේ කෙල්ල

February 10, 2022

ක්‍රීඩා ඇමති ලබා දුන් පාපැදියකින් පැය 27ක කාලයක් ඇතුළත පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා කිලෝමීටර් 600ක් පාපැදියෙන් ගොස් කාන්තා අංශයෙන් ප්‍රථම ස්ථානය හිමිකරගත් අපූරු කාන්තාවක් පිළිබඳව තොරතුරක් ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

ඇය දඹුල්ල සියඹලාවැව, කිබිස්ස නම් වූ ඉතා දුෂ්කර ගම්මානයක ජිවත් වන සුමේධා කුමාරි රත්නායකයි.

පසුගිය වසරේද මෙම තරගයේ ප්‍රථමයා වුයේ ඇයයි.

ඒ කෙනෙකුගෙන් ඉල්ලා ගත් පාපැදියකින්.

එම පුවත අප රට හමුවේ තැබීමත් සමඟ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී මෙවර තරගයට ඇයටම පාපැදියක් ලබා දී තිබුණා.

එමෙන්ම එම පුවත දුටු ඉතාලියේ රෝමයේ පදිංචි ජගත් හේමසිරි මහතා ඇයට පාවහන් හා ක්‍රීඩා ඇදුම් කට්ටල එවූ බව ඇය පැවසුවා.

පසුගිය වසරේ තරඟය නිම කිරීම සදහා ඇයට පැය 35 කුත් විනාඩි 20ක් ගත වී තිබුණද මෙවර පැය 27 කින් තරගය අවසන් කිරීම ඇය සමත් වී තිබෙනවා.

ඇය තම ආර්ථිකය සරිකර ගන්නේ නිවසේ බිම්මල් වගා කරමින් වීම විශේෂත්වයක්.

පසුගිය 05 වනදා ලොව රටවල් ගණනාවක තරඟකරුවන් 146 දෙනකුගේ සහභාගිත්වයෙන් කාන්තා පිරිමි පාපැදි තරගය පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා එක දිගටම දිවා රාත්‍රී තරගයක් පවත්වා තිබෙනවා.

මෙම තරගාවලිය සඳහා ලෝකයේ රටවල් ගණනාවක තරඟකරුවන් තරඟකාරියන් ඉදිරිපත් වෙද්දී මෙරට නියෝජනය කරමින් ඉදිරිපත් වූ එකම කාන්තාව සුමේධා වීම විශේෂත්වයක්.

මෙවැනි තරඟයක් සංවිධානය නොකලා නම් තමන්ට දක්ෂතාවය පෙන්වීමට අවස්ථාවක් නොමැති බව සුමේදා පවසනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 February 2022 21:36