June 02, 2024

දරු දෙදෙනා සමඟම අවසන් ගමන් ගිය ඉන්දික අවසන් මොහොතේ හොඳම මිතුරාට යැවූ වීඩියෝව මෙන්න

40 හැවිරිදි ශ්‍රී ලාංකියෙකු සිය දරුවන් දෙදෙනා ඝාතනය කර සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔස්ට්‍රේලියානු පොලීසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ඝාතනයට ලක්වී ඇති පිරිමි දරුවාගේ වයස අවුරුදු 6ක් සහ ගැහැණු දරුවාගේ වයස අවුරුදු 4ක් බවයි.

ඝාතනයන්ගෙන් අනතුරුව පියා විසින් ගරාජයේදී සියදිවි නසාගෙන තිබෙනවා.

මෙම මරණය සිදුවූ හැටි ගැන කියමින් ඉන්දිකගේ සමීප මිත්‍රයෙක් සිය සමාජ මාධ්‍ය ගිණුමට සටහන් කිහිපයක් එක් කර තිබූ අතර, ඔහු පවසන්නේ මේ මරණය මානසික පීඩාව නිසා සිදු වූවක් බවයි. එසේම ඔහුව එයින් මුදවා ගැනීමට තමන් උපරිමය සිදු කළ බවද ඔහු පවසනවා.

ඉන්දිකගේ මිතුරාගේ සමාජ මාධ්‍ය තුළ පළවූ සටහන් කිහිපයක් පහතින්,

සබැඳි පුවත් - විදෙස්ගත ශ්‍රී ලාංකිකයෙක් දරු දෙදෙනාත් ඝාතනය කර සියදිවි නසාගනී

Rate this item
(0 votes)