April 27, 2024

තම්බපන්ණියේ අමුතු මසාලා ඩෝස් එකක් තියෙනවා - කළණ (VIDEO)

කලණ ගුණසේකරගේ තිර රචනයකට අනුව සජීව කනකරත්න අධ්‍යක්ෂණය කරන අලුත්ම සිනමා නිර්මාණය වන්නේ "තම්බපන්ණි."

මෙම සිනමා පටයේ මුහුරත් උළෙල පසුගියදා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්වුනා.

මෙහි ප්‍රධාන චරිත මවන්නේ කලණ ගුණසේකර සමඟින් සමනලී ෆොන්සේකා.

මෙහි ප්‍රධාන චරිතය වන ජනප්‍රිය නිලි සමනලී ෆොන්සේකා මහත්මිය "තම්බපන්ණි" ගැන සිය වචන පෙළ මෙසේ පෙළගස්වා සිටියා,

"තම්බපන්ණි කියන්නේ අපි අලුතෙන්ම කරන්න හදන චිත්‍රපටයක්. කලණගේ ස්ක්‍රිප්ට් එක. රගපාන්නේ කලණ එක්ක. මගේ චරිතයේ නම නතාෂා. ලොකුවට කතා නොකර ඉන්නම් එතකොට චිත්‍රපටය ගැන දැන ගන්නවා මිනිස්සු. අපි ඒ කුතුහලේ තියමු."

මෙහි අනෙක් ප්‍රධාන චරිතය වන ජනප්‍රිය නළු කලණ ගුණසේකර සිනමා පටය සම්බන්ධයෙන් මෙසේ සඳහන් කළා,

"සජීව කනකරත්නගේ "තම්බපන්ණි" කියන ෆිල්ම් එක අපි දැන් පටන් අරගෙන ඉන්නවා. මේක පොඩි වෙනස් හැඩයක සිනමා කෘතියක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ලංකාවේ ඇතුලේ තියෙන ප්‍රශ්නය සිනමාව ඔස්සේ කතා කරනවා වෙනත් විදියකින්. රට ඇතුලේ සිද්ධ වෙන තරුණයින්ට සහ සියලු පොදු ජනතාවට තියෙන ප්‍රශ්නයක් අරගෙන මේක සිනමා වියමනක් විදියට වෙනස් හැඩතලයකින් ලෙහලා තියෙනවා. තම්බපන්ණියේ අමුතු මසාලා ඩෝස් එකක් තියෙනවා. ලංකාවේ හැම ප්‍රේක්ෂකයෙකුටම රසවිදමින් බලන්න පුළුවන් කෘතියක් වෙයි කියලා අවසානයට. අපි ෆිල්ම් එක ඉක්මණටම ඉවර කරනවා. ලබන අවුරුද්දෙවත් ප්‍රේක්ෂකයන්ට මේ ෆිල්ම් එක බලන්න පුළුවන් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා."

Rate this item
(0 votes)
Last modified on Wednesday, 26 January 2022 18:53