May 04, 2024

සාරංග හදිසියේම මුහුණුපොතට එක් කළ සැර කතාව මෙන්න

සාරංග සහ දිනක්ෂි කියන්නේ අපේ රටේ ඉන්න ඉතාමත් ආදරණීය ජනප්‍රිය යුවළක්.

කුළුදුලේ මවුපිය පදවිය ලබපු මොවුන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහට ලක් වුණා.

හැමෝගෙම ආදරණීය සුබපැතුම් මැද දිවි ගෙවන මේ ආදරණීය යුවළ නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුළ ආදරය මුසු බොහොම ආදරණීය ඡායාරූප එකතු කරනවා .

මේ වන විට පුංචි දියණියගේ සුරතල් බලමින් බොහොම ආදරණීය ලෙස ජීවත්වෙන මෙම කලා තරු යුවළ නිරන්තරයෙන්ම බොහෝ සෙයින් අවධානයට ලක්වන යුවළක්.

ඒ ඔවුන්ගේ සුන්දරත්වය නිසා වගේම ඔවුන් ගෙවන ආදරණීය ජීවිතය නිසාවෙන්.

ඔහු තවත් අපූරු සටහනක් සිය නිල ෆේස්බුක් ෆේස්බුක් පිටුවට එකතු කර තිබුණා.

ළමයි හැදෙන්නේ ගෙදරට අනුව

තාත්තා ගෙදර ඇවිත් අපෝ අර යකාට ප්‍රමෝෂන් එකක් දුන්නා ඔහු ගැන අපිනේ දන්නේ ගගා  ඉරිසියාවට කුණු හලන ගෙදරක වටේ පිටේ එකෙක් ගෙයක් හදලා වාහනයක් එහෙම ගෙනාවහම අම්මා කුස්සියෙ ඉඳන් ඕකුන් හිටිය හැටි අපිනේ දන්නේ කියන ගෙදරක පොඩි එවුන් report card එක අරන් ආවම ගෙදර ළමයට වඩා ලකුණු තියෙන ළමයි ඉන්න එක ගැන පලු යන්න බනින ගෙදරක හැදෙන ළමයි හැදෙන්නෙත් ඒ වගේම තමයි.

කවදාවත් වෙන එකෙක් තමන්ට වඩා ඉහලට යනවට කැමති නෑ. එහෙම කෙනෙක් දැක්කත් බලන්නේ කතා හදලා හරි එයාව හෑල්ලු කරන්න. වෙන මිනිහෙක් වෙනුවෙන් සතුටු වෙන්න වෙන අයගේ achievements වලින් motivate වෙන්න  ඒ ළමයි වැඩිහිටියෝ වුනාමවත් තේරුම් ගන්නේ නැහැ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 January 2022 21:46