April 26, 2024

"මේ විදිහටම කහ පාට බතික් සාරියක් ඇදලා ලස්සනට හිටියා" - සුරූපී ගුරුතුමිය දුම්රියට පැන්නාද?

අකාලයේ තම ජීවිතය යකඩ යකාට බිලි දුන් ආදරණීය ගුරුවරියක් ගැන මේ වන විට සමාජ මාධ්ය පුරාම කතාබහට ලක්වෙනවා.

මේ වෙද්දි මුහුණූ පොතම කතා කරන ඈ ගැන මේ කතාව ඔබ දන්නවත් ඇති.. නොදන්නවාත් ඇති.. දකින පේන හැමදෙයකටම පස්සෙ ඔබත් හිත හදාගන්න ඇති.. "අනේ දෙවියනේ" කියලා ඈට අත පාන්නත් ඇති...!!

එවැනි නික්මයාම වලට බොහෝ දෙනා කියන්නේ අනුවණ තීන්දු තීරණ කියලා කොහොම වුණත් හැම දෙයක්ම සිද්ධ වෙන්නේ හේතුවක් නැතුවත්.

ඒ නික්මයාම ගැන හොඳ හෝ නරක කියනවාට වඩා සුභ ගමන් කියන එක මුදාහල ඒ ආත්මයට කරන ගෞරවයක් කියලා අපි මතක් කරනවා .

මෙම තරුණියගේ වියෝව ගැන මුහුණු පොත තුල සටහනක් පළවී තිබුණා..සඳහන් වී තිබුණේ මෙවැන්නක්.

හරියටම ඇත්ත විස්තරයක් දන්නෙ නෑ.. කට කතා තමා තියෙන්නෙ ඒ අතරින් මට අහන්න ලැබුන කතාව තමා.., මේ දෙන්නා 'marry' කරලා.. 'Husband' 'Doctor' කෙනෙක් 'Wife' 'teacher' කෙනෙක්.. 'Husband' ට වෙන ආදර සම්බන්ධතාවයක් තිබිලා 'Wife' ඒක දැනගෙන උදේ කෝච්චියට බෙල්ල තියලා.. ඒ '4to' නම් මේකට දාන්න බෑ.. ගල්ගමුවෙ වෙච්චි සිද්ධියක්.. ඒ 'teacher' ට ලමයෙක් හම්බ වෙන්නත් ඉන්නවා.. ඒ කියන්නෙ ලමයා බඩේ ඉද්දිමයි මෙහෙම දෙයක් කරගෙන තියෙන්නෙ.. මේකනම් ඇත්තටම වෙලා තියෙන සිද්ධිය ඇත්තටම කනගාටුයි ටීචර්ගෙ බුද්ධි මට්ටම ගැන.. මේ සමාජයේ මිනිස්සු කොච්චර ප්‍රශ්න වලට මූන දෙනවද? කොච්චර දේවල් ඉවසනවද? තව කොච්චර දේවල් හිතන්න තියෙනවද? හැමදේම ආදරේට යට කරගෙන ජීවත් වෙන මිනිස්සුන්ට අවසානෙ ඉතුරු වෙන්නෙ දුකම විතරයි!! !! තමන්ගෙ සැමියා තමන් එක්ක ඉන්නම ඕනි වෙලාවක ඒ විදි⁣හට හැසිරෙන එක ඕනිම ගෑනියෙක්ට දරාගන්නම බැරි දුකක් තමයි,ඒත් තවත් ඉවසන්න තිබුණා මෙහෙම දෙයක් කරගන්න කලින් හිතන්න තිබුණා.

Rate this item
(8 votes)