May 02, 2024

"ගෑණු ඔක්කොම බඩු කියලා හිතන් ඉන්නේ" - ශේෂාද්‍රි තැබූ සැර කතාව මෙන්න

ප්‍රියසාද් පවුල කියන්නේ කොයි කවුරුත් අතර ජනප්‍රියතාවයක් හිමිකරගත් ආදරණීය කලා පවුලක්. ඉතින් මේ පවුලෙ ආදරණීය ගෑනු ළමයි තුන් දෙනෙක් තමයි ඉන්නේ. ඉතින් ශනුද්‍රි, ශේෂාද්‍රි, දිනක්ෂි  කියලා කියන්නේ මේ ආදරණීය දියණියන් තුන්දෙනා.

මේ දියණියන් තුන්දෙනාගේ ආදරණීය පියා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් නිසා ඔවුන්ට නිතැතින්ම කලා ලෝකෙට එන්න දොරගුළු විවර වූනා. ඉතින් මේ සහෝදරියන් තිදෙනා අතරින් දෙවැනියා විදිහට උපත ලබන ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ නිවේදිකාවක් වශයෙනුත් දක්ෂ රංගන ශිල්පිනියක් වශයෙනුත් කටයුතු කරන කොයි කවුරුත් අතර ජනප්‍රිය වුණු කලා ශිල්පිනියක්.

ශේෂාද්‍රි ප්‍රියසාද් සිය පළමු විවාහයෙන් වෙන් වී දෙවන වරට විවාහ වූ තරුණියක්. ඇයගේ පළමු විවාහ ජීවිතයේ ඇති වූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් එම විවාහයට සමුදීමට ඇයට සිදුවුනා. මේ වන විට දෙවන වරට විවාහ වී සිටින්නේ ඔබ කව්රුත් දන්නා doctor සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන සහ ගායන ශිල්පියෙක් වන ක්‍රිෂාන් මාලන් පෙරේරා සමගයි. 

ඒ වගේම තමයි ක්‍රිෂාන්ට සහ ඇයට ඔවුන්ගේ ආදරයේ දී ඇති වූ යම් යම් අත්දැකීම් නිසා ඔවුන් දෙදෙනා තේරුම් ගැනීමට ඉතාමත්ම පහසු බවත් ඔවුන් දෙදෙනා හොඳ අවබෝධයකින් යුක්තව සිය පවුල් ජීවිතය ගෙන යන බවත් ඇය මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටිනවා.

ඉතින් ඇය ඇයගේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ඉතාමත්ම සැර ප්‍රකාශයක් කරලා තිබුණා. 

"නමට පිරිමි වෙච්ච සමහර ලොන්තයෝ ඉන්නවා. උන්ගේ තියරියට අනුව උගෙ අම්මයි සහෝදරියයි ඇරෙන්න ලෝකෙ ඉන්න අනෙක් ගෑනු ඔක්කොම බඩු කියලා හිතන් ඉන්නේ"

Rate this item
(5 votes)