May 04, 2024

උමාලිගේ විවාහ උත්සවයට සාරංගට, දිනක්ෂිට ඇත්තටම ආරාධනා කලාද?

උමාලි තිලකරත්න කියන්නේ ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ බිහිවූ ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයගේ තාත්වික රංගනය නිසා ම ඇයට රංගන ක්ෂේත්‍රයෙන් විශාල සම්මාන රැසක් හිමිකර ගැනීමට හැකියාව ලැබුණා. ඇය රංගන ශිල්පිනියක් පමණක් නොව ගායන ශිල්පිනියක් ද නර්තන ශිල්පිනියක් ද නිරූපණ ශිල්පිනියක්ද ව්‍යාපාරික කාන්තාවක් ද වනවා. ඉතා හොඳින් අධ්‍යාපනය හැදෑරූ ඇය අධ්‍යාපනයට පමණක් සීමා නොවී විවිධාකාර අංශ ඔස්සේ සිය හැකියාව විදහා දැක්වූවා.

කලා ක්ෂේත්‍රය තුළ සිටින ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පියෙකු වන සාරංග දිසාසේකර එක්ක තමයි ඇය පළමු වරට විවාහ වන්නේ. නමුත් ඔවුන් අතර ඇති වූ යම් යම් මතභේදාත්මක ගැටලු නිසා ඔවුන්ගේ විවාහයට වැඩි ආයුෂ තිබුනේ නෑ. මේ වන විට සාරංග දිසාසේකර ජනප්‍රිය රංගන ශිල්පිනියක වන දිනක්ෂි ප්‍රියසාද් සමඟ විවාහ වී සිටින අතර ඔවුන්ට කුඩා දියණියක් ද සිටිනවා.

මේ වන විට උමාලි තිලකරත්නත් සිය තනිකඩ ජීවිතයට සමුදී මනෝවිද්‍යාව සම්බන්ධ කථිකාචාර්යවරයෙක් සමග විවාහ වීමට සිටින බව අපට ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුණා. ඉතින් එහිදී ඇගේ විවාහ මංගල උත්සවය පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත බවත් සාරංග දිසාසේකර හට ඇගේ විවාහය සඳහා ආරාධනා කර ඇති බවත් අපට දැනගන්නට ලැබුණා. ඉතින් ඇය සාරංගට සිය විවාහය සඳහා ආරාධනා කර ඇත්තේ මේ අයුරිනි.

‘සාරංග අයියෙ පහුගිය දිනවලදී සිදුවුන සියලුම සිදුවීම් ඔය හිතෙන් මකා දමන්න.මම මේ පෙබරවාරියේ විවාහ වෙන්නයි යන්නෙ. ඔයා සහ දිනක්ෂි පුංචි පැටියා එක්ක මගෙ විවාහ මංගල උත්සවයට එන්න කියලා මම මගෙ හදවතින්ම ඔයාලට ආරාධනා කරනවා’

Rate this item
(1 Vote)