May 01, 2024

වරාය නගරයේ සුන්දරත්වය (PHOTOS)

කොළඹ වරාය නගරයේ ඉදිකළ ඇවිදීමේ මංතීරුව සහ සැහැල්ලු යාත්‍රා අංගනය පෙරේදා (09) විවෘත කළා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීමේ උත්සවය පැවැත්වුණා.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වුණා.

මෙම ඇවිදීමේ මංතීරුව ඊයේ (10) සිට ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට නියමිත අතර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති පිවිසුම ඔස්සේ ජනතාවට පාගමනින් ඊට ඇතුළුවීමට අවස්ථාව ලැබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 January 2022 09:19