May 17, 2024

ලෝකයම ආදරේ කරන ලසිත් ඕස්ට්‍රේලියාවේ දැන් ගෙවන ජීවිතේ (PHOTOS)

December 19, 2021

අපේ රටේ කාලෙන් කාලෙට හරි අපූරු මෙන්ම ඔවුනටම අනන්‍ය වූ දක්ෂතාවන්ගෙන් සපිරි ක්‍රීඩා තරු බිහි වනවානේ. ඉතින් අන්න ඒ වගේ හරි අපූරු අති දක්ෂ ආදරණීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගැන තමයි අද අපි කථා කරන්නට යන්නේ.

මේ වෙද්දී ඕස්ට්‍රේලියාවේ හරි ලස්සනට තම ආදරණීයයන් සමඟින් ජීවිතේ ගෙවෙන, අපේ රටේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියටත්, ජාතික කණ්ඩයම නියෝජනය කළ අති දක්ෂ වේග පන්දු යවන්නෙක් විදියටත්, ජාතික කණ්ඩායමේ හිටපු නායකයෙක් විදියටත් හඳුන්වන්නට පුලුවන්,

ඔහු තමයි මුළු රටක් ලෝකයක් ආදරය කරන ලසිත් මාලිංග කියලා කියන්නේ. මුළු රටක් ලෝකයක් ආදරය කරන සෙපරමාදු ලසිත් මාලිංග ආදරණීය ක්‍රිකට් ක්‍රීඩකයා, උපත ලබන්නේ 1983 අගෝස්තු මස 28 වන දින වන අතර,

ඔහු උපන් ප්‍රදේශය ගාල්ලයි. ඉතින් මේ ආදරණීය ක්‍රීඩා තරුව පාසල් අධ්‍යාපනය ලබලා තියෙන්නේ, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයෙන් සහ ගාල්ල මහින්ද විද්‍යාලයෙන් වනවා.

ඔන්න ලසිත් මාලිංගගේ ආදරණීය බිරිඳ තමයි, අපේ රටේ බොහෝ සෙයින් ධනවත් පුද්ගලයකුගේ සුරූපී දියණියක වන “ටානියා පෙරේරා” කියන්නේ.

ඔන්න ඉතින් කාලයත් එක්ක ලසිත් මාලිංගයන්ට, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන චම්පික රාමනායකයන් යටතේ ක්‍රිකට් පුහුණුවීම් අරඹන්නට අපූරු අවස්ථාවක් ලැබෙනවා.

ඔන්න ඉතින් ඊට පස්සේ ලසිත් මාලිංගට ලංකා ක්‍රිකට් පදනමට සම්බන්ධ වෙන්නට අවස්ථාවක් ලැබෙන අතර, එතනින් ඔහු අති දක්ෂ සුපිරි පන්දු යවන්නෙකු විදියට තරඟ කරමින් ක්‍රිකට් ඉතිහාසයේ වාර්ථාවන් රැසක්ම තබන්නට ඔහුට හැකි වෙනවා.

ඔන්න ඉතින් ඒ විතරක් නෙවෙයි, ලෝකයේම ඉන්න සුපිරිම වේග පන්දු යවන්නෙකු විදියට ලසිත් මාලිංගයන් ව හඳුන්වන්නට පුලුවන්.

ඉතින් ඒ අපූරු හැකියාව නිසාම ලසිත් මාලිංගට අපේ රටේ ජාතික කණ්ඩායමේ දී විතරක් නෙවෙයි ඉන්දියාවේ ලීග් තරගාවලි වලදී ද තම සුපිරි දක්ෂතාවයන් පෙන්වන්නට කදිම අවස්ථාවන් තමයි ලැබිලා තියෙන්නේ.

නමුත් මේ වෙද්දී නම් ක්‍රිකට් ක්‍රීඩාවෙන් අපේ රටේ නම බබලපු වාගේම සුවහසක් ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය ආකර්ශනය දිනා සිටි, ලසිත් මාලිංගයන් තමන් ආදරය කරපු ක්‍රිකට් ජීවිතයට සමුදීලා තියන අතර, ඔහු තම ආදරණීය බිරිඳ සහ ආදරණීය දරුවන් දෙදෙනා සමඟින්, ඕස්ට්‍රේලියාවේ හරි අපූරු සුන්දර ජීවිතයක් තමයි ගත කරන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 19 December 2021 00:55