May 18, 2024

නත්තල් කාලේ පරණ ඡායාරූප වලට දෙන හොඳම කැප්ෂන් එකට සාරංග තෑගි දෙනවලු

December 19, 2021

සාරංග දිසාසේකර කියන චරිතය ලංකාවේ මිනිස්සුන්ට අමුතුවෙන් කියන්න ඕනෙ මාතෘකාවක් නෙවෙයි. ඒ තරමටම ගොඩක් දෙනා අතර කතා බහට ලක්වන චරිතයක් තමයි සාරංග දිසාසේකර කියන්නේ. මේ දවස් වල පමණක් නෙවෙයි කාලයක පටන්ම ඔහු ගැන විටින් විට නොයෙක් පුවත් විස්තර සමාජයේ කතා බහට ලක්වුනා. ඉතින් ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් ක්‍රියාකාරිත්වයක් දක්වන ඔහු ඔහුගේ අලුත් විස්තර ප්‍රේක්ෂක ජනතාවට ඉදිරිපත් කරන්නටත් පසුබට වෙන්නේ නැහැ.

ඉතින් පසුගිය දවසකත් ඔහු ඔහුගේ අපූරු ඡායාරූප කිහිපයක් සමඟින් අපූරු සටහනක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ තමයි හොඳම කැප්ෂන් එකට මගෙන් තෑග්ගක් විදිහට ඔහු ඔහුගේ මුහුණුපොතේ පරණ ඡායරූප කිහිපයක් ම සඳහන් කරලා තිබුනා.

කලා පරපුරකින් පැවත එන සාරංග දිසාසේකර විවාහය සිදු කර ගන්නේද කලා පවුලකින්මයි. ඒ දිනක්ෂි පියසාද් සමඟ. ඉතින් ඔවුන් දෙපලගේ දියණිය පිළිබඳවත් මේ දවස්වල ගොඩක් අය කතාබහ කරනවා වගේම ගොඩක් දෙනා සුබපැතුම් එකතු කරනවා පුංචි දියණිය වෙනුවෙන්. එවන් වටපිටාවක් ඇතුලේ පුංචි දියණියගේ සුළු සුළු දේවල් පවා සාරංග සහ දිනක්ෂි සමාජ මාධ්‍ය ජාලාවල ඔවුන් ගැන දැකගන්නට කැමති ප්‍රේක්ෂකයින් වෙනුවෙන් නිරන්තරයෙන් ම කරුණු සඳහන් කරන්නටත් අමතක කරන්නේ නැහැ.

ඉතින් ඒ හා සමගාමීව කරන අලුත් දෙයක් තමයි සාරංග විසින් මේ ඉදිරිපත් කරන පරණ ඡායාරූප ටික. ඉතින් හොඳම ඡායාරූප කැප්ෂන් එකට තෑග්ගක් දෙනවා කියලා තමයි කියන්නේ. මේ පරණ ඡායාරූප නැවත සමාජගත කිරීම තුළිනුත් ඔහු පිළිබඳව නැවත වතාවක් පරණ දේවල් කතාබහ කරගන්නට හැකියාවක් ලැබෙනවා කියන කාරණාවක් මතක් කරන්නට ඕනේ.

ඉතින් සාරංග දිසාසේකර කියලා කියන්නේ හොඳ දක්ෂ රංගන ශිල්පියෙක් සහ හොඳ මිහිරි කටහඬක් තියෙන ගායන ශිල්පියෙක් විදිහට හඳුනා ගන්නට පුළුවන්. කොහොම නමුත් ඔහුගේ රංගන දායකත්වය ගැන කතා කරනකොට බොහොම අපූරු රංගන හැකියාවක් තිබෙන කාරණාවක් මතක් කරන්න ඕනෙමයි. කෝම නමුත් ඔවුන් දෙපලටම සහ ඔවුන්ගේ පුංචි දියණියට ම බොහොම ආදරයෙන් සුබ ප්‍රාර්ථනා එකතු කරනවා ඔවුන්ගේ අනාගතය වෙනුවෙන්.

Rate this item
(0 votes)