May 18, 2024

"අනුන්ගේ කුණු හොයන සොම්බින්ට මට කියන්න තියෙන්නේ එච්චරයි" - අමායාගෙන් සැර කතාවක්

December 18, 2021

අමායා අධිකාරි කියලා කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ තුළ නිරූපිකාවන් අතර ඉතාමත් කෙටි කාලයකින් තමන්ටම කියලස් අනන්‍යතාවක් ගොඩනගා ගත් දක්ෂ නිරූපිකාවක්. නිරූපණ ක්ෂේත්‍රය තුළින් විවිධ දේවල් ඔස්සේ වෘත්තිය ජීවිතය සාර්ථක කරගත් ඇය දක්ෂ නර්තන ශිල්පිනියක්.

ඒ වගේම අමායා අධිකාරි සිටින විවිධ මියුසික් වීඩියෝ මේ වන විට අපට දැකබලා ගන්න අවස්ථාව උදාවෙලා තියෙනවා. අමායා පිළිබඳව වැඩිදුරටත් පසුගිය කාල සීමාවේ කතා කළේ ඇය ක්ෂේත්රයේ දක්ෂ සංගීතඥයෙක් වන අතුල අධිකාරි සමඟ විවාහ වුණාට පස්සෙයි.

ඒ විවාහයෙන් ඇයට ආදරණීය දියණියක් සිටිනවා. නමුත් ඔවුන් දෙදෙනාම ඉතාමත් කෙටි කාලයයි එකට ජීවත් වෙන්නේ. ඒ විදිහට දෙදෙනා මේ වෙද්දි බිරිඳ සහ සැමියා වශයෙන් ජීවත් වෙන්නේ නම් නැහැ. නමුත් තාමත් අතුල අමායා අධිකාරීගේ ගෙදර ඉන්නවා කියලා තමයි ආරංචි වෙන්නේ.

ඒ කෙසේ නමුත් මේ වෙද්දි අමායා අධිකාරි නැවත වතාවක් අලුත් සම්බන්ධතාවයක් පටන් ගන්නවා සංගීත ක්ෂේත්‍රයේ දක්ෂ ගායකයෙක් වන හර්ෂ ධනෝෂ් නැමැති පුද්ගලයා සමග. බොහෝ දෙනෙක් නොයෙකුත් කට කතා වන් මේ සඳහා ගෙතුවත් තමන්ගේ පාඩුවේ ගමනක් ගියපු අමායා මේ වෙද්දි හර්ෂ නිසා ආදරණීය මවක් වෙලා.

හර්ෂත් එක්ක අමායා ඉතාමත් සුන්දර ජීවිතයක් ගත කරනවා. ඒ වගේ ජීවිතයක් ගත කරන කෙනෙක්ට සමාජය තුළින් විවිධාකාරයේ මඩ ප්‍රහාරයන් එල්ල වෙන්න පුළුවන්. කෙසේ නමුත් ඒ සියල්ලටම වචන කීපයකින් පිළිතුරු දෙන්නට පසුගිය දවස් වල ඇය තීරණය කරලා තිබ්බා.

මේ ආකාරයෙන් අමායා අනුන්ගෙ කුනු හොයන මිනිස්සු වෙනුවෙන් මුහුණු පොතේ අපූරු සටහනක් පළකරන්නේ පහත ආකාරයටයි.

‘අහ්’ ඇත්තදූ 

‘අහ්’ ඇත්තදූ.. don’t judge a book by its cover එහෙම පටු මානසිකත්වක් තියන අනුන්ගේ ඇද හොය හොය කාළය කන සොම්බි වගේ අයට ගානුට වගේ මටත් කියන්න තියෙන්නේ

 ‘අහ්’ ඇත්තදූ කියලා තමයි

කෙසේ නමුත් මේ වෙද්දි හර්ෂත් එක්ක ඉතාමත් යහපත් ජීවිතයක් ගත කරන අමායා අතුල අදිකාරි ව අමතක කරන්නෙත් නැහැ කියලා එක්තරා අවස්ථාවක සඳහන් කරලා තිබ්බා. ඇය නම් කියන්නේ අතුලට ඕනිම  අවස්ථාවකදී ඇගෙන් උදව් උපකාර ලබා දෙන්න අමායා සූදානම් කියලයි. අමායා අධිකාරිය නැමැති මේ සොඳුරු නිරූපිකාවගේ සියලු වැඩකටයුතු ඒ අයුරින්ම සාර්ථක වේවා කියා අපි අයට සුබ පැතුම් එක් කරන්නෙමු.

Rate this item
(0 votes)
Last modified on Friday, 17 December 2021 22:31