May 18, 2024

චූටි දෝණි නැතුව දිනක්ෂියි සාරංගයි ගිය ගමන (PHOTOS)

December 16, 2021

සාරංග දිනක්ෂි කලා ලෝකයේ ඉන්න ලස්සනම කපල් එකක්. මෙයාල ගැන ඉතින් හැමෝම වගේ දන්නවා. හරිම ආදරණිය කපල් එකක්. සිනහවෙන් විනෝදයෙන් කාලය ගත කරන මේ දෙපල කලාවේ ලොකු ගමනක් ආවා. අදටත් එලෙසින්ම කලා ලෝකයේ රැදිලා ඉන්නවා. සාරංග කියන්නේ පුංචි තිරයට මේ වෙද්දී නැතිවම බැරි නළුවෙක්. ඔහු එතරම් දක්ෂ කඩවසම් නළුවෙක්. දිනක්ෂි කලාවේ සිටියත් නිරන්තරයෙන් නිරමාණ තුලින් දැකගන්න ලැබෙන්නේ නම් නැහැ. මේ දිනවල නම් ඇය කාර්යබහුල අම්මා කෙනෙක්.

දියණියකට උපත දීමත් සමග වගකීම් ගොඩක් එක්ක ඇය කාර්යබහුල වෙලා ඉන්නේ. දුව එක්ක ඉමහත් සතුටින් තමයි මේ දෙන්නා කාලය ගත කරන්නේ. ඒ අවස්ථාවල විවිධ ජායාරූප සහ වීඩියෝ ක්ලිප්ස් ඔවුන් සමාජ මාධ්‍යට එක්කර සිටිනවා. ඔවුන්ගේ පළමු දරුවා තමයි ඒ. සමහරු ඒවා විවේචනය කරන්නේ හිතාගන්නවත් බැරි ලෙසකට. කොහොම නමුත් මේ සුන්දර කැදැල්ල හැමදාම සතුටින් තමයි ගත කරන්නේ. අලුත උපන් දියණිය නැතුව මේ දෙන්නා විවාහ උත්සවයකට සම්බන්ධ වෙලා එහි ගත් ඡායාරූප කිහිපයක් instagram ගිණුමට එකතු කරලා. ඒවා පහතින්,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 December 2021 19:34