May 12, 2024

දරුවන් සිව්දෙනෙක් මෙලොව හැර දමා අවසන් ගමන් ගිය අම්මා

December 15, 2021

කුණ්ඩසාලේ නත්තරම්පෙත ප්‍රදේශයේ නිවසක ගෑස් ලිපක් සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් රෝහල්ගතව සිටි කාන්තාව මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 10 වනදා මියගියා. මෙලෙස මියගියේ විල්ගමුව දේවගිරිය පිදුරුවැල්ල ප්‍රදේශයේ 53 හැවිරිදි අශෝකා ප්‍රියංගනී නමැති සිව්දරු මවක්.

මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා අදහස් දක්වමින් කියා සිටියේ,

“උදේ ආහාර පිළියෙල කරන්න ගෑස් එක ඕන් කරනකොට එකපාරටම ලිප මේවා වෙලා තියෙනවා. ඊට පස්සේ කුස්සියේ ලොකු ගි’නි ජා’ලාවක් ඇවිත්, විශාල ශබ්දයක් ඇවිත් තියෙනවා. ඒ ශබ්දය අපේ චූටි පුතාට ඇහැරිලා අම්මා නැගිට්ටවලා තියෙනවා. ඒ නැගිට්ටුවාට පස්සේ අම්මා ඇවිදගෙන ඇවිත් තියෙනවා “දනවා දනවා” කියලා. ඒ කරලා මූහුණට වතුර ටිකක් දලා වෑන් එකකින් අරගෙන ගිහින් නුවර මහ රෝහල ඇතුළත්කරලා ප්‍රතිකාර කරලා තියෙනවා. මම මේ පිළිබඳව ගෑස් සමාගමටත් රජයටත් විරුද්ධ නඩු මඟට බැහැලා කටයුතු කරන්න සූදානමින් ඉන්නවා. ඒ මූලික කටයුතු මේ වනවිටත් කරලා තියෙනවා. මම මේ නඩුව කියන්නේ මගේ බිරිඳවත් දරුවන්වත් වෙනුවෙන් නොවේ. ඉදිරියට මේ වාගේ විනාස වන ජීවිතවලට මෙතනින්වත් තිතක් තබා ගැනීමට හැකියාවක් ලැබෙයි කියලා. මේ ම’රණයේ වගකීමත් ඇත්තෙන්ම රජය භාරගතයුතුයි.”

ඇය මෙම අනතුරට මුහුණ දී තිබුනේ සිය දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සදහා කුලී පදනම මත කුණ්ඩසාලය ප්‍රදේශයේ පදිංචිව සිටියදී. මේ පිළිබද අදහස් දක්වන මියගිය කාන්තාවගේ සැමියා පවසා සිටියේ ගෑස් සමාගමට හා රජයට එරෙහිව නඩු පවරන බවයි.

එසේම තමන් විසින් මෙලෙස නඩු මගට යොමුවන්නේ සිය දරුවන් හා මියගිය බිරිද වෙනුවෙන් නොවන බවත් ඉදිරියේදී මෙවන් සිදුවීම්වලට තිතක් තබා ගැනීමට බවත් වැඩිදුරටත් සදහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 December 2021 20:36