April 26, 2024

ඇමති කෙහෙළියගේ මිණිබිරියගේ උපන්දිනය ජයටම සැමරුවේ මෙහෙමයි (PHOTOS)

December 10, 2021

පවතින රජයේ අමාත්‍ය ධුරයක් හොබවන ඇමතිවරයෙක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල කියන්නේ. මේ වන විට සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් තමයි ඔහු පිදුම් ලබල තිබෙන්නේ. මීට අමතරව පෙර පැවති රජයන් වලදීත් ඔවුහු ඇමතිධූර විවිධ අමාත්‍යංශ වල ලබාගෙන තිබෙනවා. ඉතින් පවතින ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති විදිහට ඔහු ඔහුගේ කාර්යභාරය ඉෂ්ට කරමින් පවතිනවා.

කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිතුමාගේ දියණිය අමාලී රඹුක්වැල්ල පසුගිය දවසක විවාහ දිවියට සම්ප්‍රාප්ත වුනා. ඇය විවාහ වුණේ ඉසුරු පොල්ගස්දෙණිය සමඟයි විවාහ මංගල්‍යය පැවැත්වූයේ කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටල් පරිශ්‍රය තුළ. මැති ඇමැතිවරු විශාල ප්‍රමාණයක් සහභාගී වුණු මේ අපූරු විවාහ මංගල්‍යය ගැනත් ඒ දිනවල ගොඩක් අය කතා කලා.

ඉතින් කෙහෙලිය ඇමතිතුමාගෙ පුතා තමයි රමිත් රඹුක්වැල්ල කියන්නේ. කාලයක් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙසත් කටයුතු කල ඔහුගේ විවාහ මංගල්‍යයත් බොහොම අපූරුවට තිබුණා. ඒ අවස්තාවටත් මැති ඇමති ගොඩක් දෙනාගේ සහභාගිත්වය තිබුණා. ඉතින් දැන් ඔහුට සිඟිති දියණියක් සිටිනවා.මේ පුංචි දියණියගේ පළමු උපන්දිනය පසුගිය දිනක යෙදිල තිබුණා.ඉතින් මේ අවස්ථාව බොහොම අපූරුවට තිබුණ බව තමයි දැක ගන්නට ලැබුණේ. පුංචි දියණිය ඇයගේ සීයත් එක්ක අපූරු චායාරූප වලටත් පෙනි සිට තිබෙනවා.

කොහොම වුණත් ඉතින් ඇමති මිණිබිරියට සුබම සුබ උපන්දිනයක් වේවා කියල අපි ප්‍රාර්ථනා කරන අතරම සුබ පැතුම් එකතු කරනවා.

Rate this item
(1 Vote)