May 18, 2024

"අම්මා වගේමයි සද්දේ" - පුංචි සුරංගනාවී එක්ක සාරංග සහ දිනක්ෂි දවස ගෙවන හැටි (VIDEO)

December 07, 2021

සාරංග දිනක්ෂි කලා ලෝකයේ ඉන්න ලස්සනම කපල් එකක්. මෙයාල ගැන ඉතින් හැමෝම වගේ දන්නවා. හරිම ආදරණිය කපල් එකක්. සිනහවෙන් විනෝදයෙන් කාලය ගත කරන මේ දෙපල කලාවේ ලොකු ගමනක් ආවා. අදටත් එලෙසින්ම කලා ලෝකයේ රැදිලා ඉන්නවා. සාරංග කියන්නේ පුංචි තිරයට මේ වෙද්දී නැතිවම බැරි නළුවෙක්. ඔහු එතරම් දක්ෂ කඩවසම් නළුවෙක්. දිනක්ෂි කලාවේ සිටියත් නිරන්තරයෙන් නිරමාණ තුලින් දැකගන්න ලැබෙන්නේ නම් නැහැ. මේ දිනවල නම් ඇය කාර්යබහුල අම්මා කෙනෙක්.

දියණියකට උපත දීමත් සමග වගකීම් ගොඩක් එක්ක ඇය කාර්යබහුල වෙලා ඉන්නේ. දුව එක්ක ඉමහත්ස තුටින් තමයි මේ දෙන්නා කාලය ගත කරන්නේ. ඒ අවස්ථාවල විවිධ චායාරූප සහ වීඩියෝ ක්ලිප්ස් ඔවුන් සමාජ මාධ්‍යට එක්කර සිටිනවා. ඔවුන්ගේ පළමු දරුවා තමයි ඒ. සමහරු ඒවා විවේචනය කරන්නේ හිතාගන්නවත් බැරි ලෙසකට. කොහොම නමුත් මේ සුන්දර කැදැල්ල හැමදාම සතුටින් තමයි ගත කරන්නේ. දෝනි අම්මා වගේමයි කියලයි සාරංග කියන්නේ. සද්දෙත් එයාගේ වගේමයි කියලයි ඔහු කියන්නේ. ෂූටින් ඉවර වුන ගමන්ම පුංචි සුරංගනාවී බලන්න තමයි සාරංගත් දුවගෙන එන්නේ. ඉතින් මේ පුංචි කැදැල්ලේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා කියාත් අප හදවතින්ම සුබ ප්‍රර්ථනා කරනවා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 06 December 2021 18:41