April 26, 2024

නිල්මිණි හදිසියේම වීඩියෝවකින් ඇවිත් සංවේදී වෙමින් කියපු දේ මෙන්න

December 01, 2021

මෙරට පුංචි තිරයේ ඉන්නා ප්‍රවීණ රංගන ශිල්පිනියන් අතරින් ප්‍රමුඛතම චරිතයක් වශයෙන් නිල්මිණි තෙන්නකෝන් මහත්මිය හදුන්වන්නට පුළුවන්.

ඇයගේ රංගන හැකියාව නිසාම මෙරට කලා ක්ෂේත්‍රය තුළ හිමි වන සම්මාන රැසකින් ඇය පිදුම් ලබා තිබෙනවා. විවිධ චරිත නිරුපණය කරන චරිතාංග නිළියක් වශයෙන්ද ඇයව හදුන්වන්නට පුළුවන්.

අප කුවුරුත් දන්නනා ජනප්‍රිය ගායකයෙකු වන මධුමාධව අරවින්ද විවාහ වී මේ වන විට ඔහුගෙන් වෙන් වී දියණිය සමග කාලය ගත කරන නිල්මිණි තෙන්නකෝන් මහත්මිය පසුගිය  දින වල විවිධ පුවත් මවමින් සමාජ මාධ්‍ය තුළ කතා බහට ලක් වු සොදුරු චරිතයක් බවට පත් වු අතර,

මේ දින වල ඇය සමාජ මාධ්‍යට මුදා හරින ලද සංවේදි විඩියෝවක් නිසා බොහෝ දෙනාගේ අවධානය ඇය නැවත තමා වෙත යොමු කර ගෙන තිබෙනවා.

එම විඩියෝව තුළින් මේ වන විට අසනීප තත්වයේ සිටින කලාකරුවන් මතක් කරමින් ඔවුන්ට සුවය ප්‍රාර්ථනා කරන්නට ඇය කටයුතු කර තිබුනා.

එහිදි නිල්මිණි තෙන්නකෝන් මහත්මිය කියා සිටියේ,

වීඩියෝවෙන් උපුටා ගැනීම

“කලාව කියන්නේ සුන්දර රැකියාවක්. කලාකරුවා හැමදාමත් ජනතාව වෙනුවෙන් ජනතාව සතුටු කරන්න ඔබ වෙනුවෙන් ඔබට කලා නිර්මාණ ගෙන කලාකරුවන් මේ මොහොතේදී අපේ කලාකරුවන් තුන්දෙනෙක්ම අසනීප වී සිටිනවා.

එතුමන්ලාට ඉක්මන් නිරෝගී සම්පත්තිය ලැබෙන්න කියලා අපි සියලු දෙනාම එක හිතින්ම ප්‍රාර්ථනා කරමු. මේ වෙලාවේදි  කෙනෙක් අසනීප උනාම ගොඩක් අසරණ වෙනවා.

ඒක මම මගේ අත්දැකීමෙන්ම දන්න දෙයක්. ඉතින් අපි දන්නවා මේ මොහොතේ අපි එක් කලාකරුවෙක් සරත් අයියා දැඩි සත්කාරය එකකයේ ගොඩක් අ’මාරු තත්වයක ඉන්නේ,

අපි සියලු දෙනාම සියලු දෙනාම එකතුවෙලා දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් එතුමාට ඉක්මනින්ම සනීප වෙලා අපි අතරට ඇවිත් නැවතත් ඒ කලා නිර්මාණවලට දායකවෙන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු”

උපුටා ගැනීම අවසන්

Rate this item
(0 votes)