April 26, 2024

“මං ඔය දේශපාලනයට නෑ” - මන්ත්‍රිනී රෝහිණීගේ පුතු කණිශ්ක කියන කතාව

December 01, 2021

රෝහිණී කවිරත්න කියන්නේ මෙරට දේශපාලන වේදිකාවන් තුළ කාගෙත් කතාබහට ලක්වුණු දේශපාලන චරිතයක් විදියට හඳුනාගන්නට පුළුවන්. ඉතින් ඇයගේ පුතා ගැන තමයි අද කතා කරන්නේ. ඔහු කණිෂ්ක කවිරත්න. නව පරපුරේ ගායන ශිල්පියෙක් විදිහට බොහෝ දෙනා අද ඔහුව හඳුන්වන තත්වයකට පත්වෙලා තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුගේ වීඩියෝ රැසක්ම මේ වන කොට ජනතාව බොහොම ආදරයෙන් වැළඳ ගත් නිර්මාණ බවට පත්වෙලා තිබෙනවා. ඒ අතරට ‘මා නෙත්, අබිනික්මන සහ සීත මීදුම්’ කියන ගීතයන් බොහොම ජනප්‍රිය තත්වයකට පත්වෙලා තිබෙනවා. ඒ අතර ඔහු ඔහුගේ මව වෙනුවෙන් ද ගීතයක් ගායනා කරනවා. මේක ගොඩක් දෙනා කැමැත්තෙන් රස විඳපු සහ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා නරඹපු ගීතයක් බවටත් පත්වෙලා තිබුණා.

කණිෂ්කගේ පියාත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔහු සංජීව කවිරත්න. නමුත් දීර්ඝ කාලයක් ඔහුට දේශපාලන ක්ෂේත්‍රයේ නියැලෙන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. 2014 වර්ෂයේ දී ඔහුට මිය යන්නට සිද්ධ වෙනවා.

කණිෂ්ක තවමත් ව විවාහ වෙලා නැහැ. තාම සිටින්නේ මව සමග. ඔහුට බාල සහෝදරියක් සිටින බව තමයි ආරංචි වෙන්නේ. කොහොම වුණත් ඇය නම් මේ දිනවල ලංකාවේ නැතිලු. විදේශගතව අධ්‍යාපනය ලබන බවත් සදහන් කරනවා. පාසල් කාලයේ සිටම ගිටාර් ශිල්පියකු විදිහට ඔහු සංගීත අංශයෙන් දස්කම් දක්වපු කෙනෙක්. නමුත් ඔහු වාණිජ අංශයෙන් තමයි උපාධිය හදාරන්නේ. පසුව වසර තුනහමාරක් පමණ එම අංශයේ රැකියාවක නිරත වෙලා තිබෙනවා. නමුත් පසුකාලීනව ඔහු එම වෘත්තියෙන් ඉවත් වෙලා සංගීත නිෂ්පාදනයට පිවිසෙනවා. 2004 වසරේදී ඔහුව ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන ‘මල් කැකුළක් ඉකි බින්දා’ ටෙලි නාට්‍යයේ චරිතයක ද රංගනයෙන් දායක වෙලා තිබෙනවා.

කණිෂ්ක ගේ මව රෝහිණී කවිරත්න දේශපාලනයට පිවිසෙන්නේ ඇගේ සැමියා වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව කවිරත්න මහත්මයාගේ අභාවයෙන් පස්සේ. ඉතින් ඇය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුතුබණ්ඩා ගේ මිනිබිරිය විදිහටත් හිටපු අමාත්‍ය විජයරත්න බණ්ඩාගේ දියණියත් ලෙස හඳුනා ගන්නට පුළුවන්.

ඇයගේ පුතු කනිෂ්ක දේශපාලනයට එන්නටත් අදහසක් කර නැහැ කියලා තමයි ඔහු සඳහන් කරලා තිබුන. ඉතින් දේශපාලන පසුබිමක් සහිත පවුලකින් පැවත ගෙන එන කනිෂ්ක තවදුරටත් පවුල් දේශපාලනය තුළ පිවිසෙන්නට කිසිම අදහසක් නැති කාරණාවක් සඳහන් කරල තිබෙනවා. ඔහු ඒ බව සඳහන් කරන්නේ මෙවැනි අදහසක්.

“අද ලංකාවේ දේශපාලන පවුල්වල දරුවන් දේශපාලනයට පිවිසෙන එක විලාසිතාවක් වෙලා තිබෙන්නේ. එම නිසා අම්මගේ අදහස උනෙත් ඒක නතර වෙලා අලුත් කෙනෙක්ට දේශපාලනයට පිවිසෙන්න අවස්ථාව ලැබෙන්න ඕන කියන එක.. මමත් හිතනවා අපි මව්පියන්ගේ අඩි පාරේම යන්න ඕනෙ නැහැ. අපි කැමති විදියට කරගෙන ඉදිරියට යන්න ඕන කියන එක.” ලෙස තමයි ඔහු ඔහුගේ අදහස ඉදිරිපත් කරල තිබුණේ .

කොහොම වුනත් ඉතින් අද වෙනකොට ලංකාවේ පවුල් දේශපාලනය කියන එක බොහොම ජනප්‍රිය දෙයක් බවට පත් වෙලා තිබෙනවා නෙ. ඉතින් කණිෂ්ක මේ අරගෙන තිබෙන තීරණය වීම සුබදායක කියලා තමයි අපටත් කියන්න තියෙන්නෙ. මොකද කලාව තුළින් ඔහුට ජනතාව වෙනුවෙන් බොහෝ දේවල් කරන්නට පුළුවන් දේශපාලනයට පිවිසෙනවාට වැඩිය. මොකද අද වෙනකොට ලංකාවේ දේශපාලනය නම් බොහොම විදිහට අවුල් වෙලා තිබෙනවා කියන කාරණාව බොහෝ දෙනෙක් දන්නා කියන දෙයක් නිසා. ඉතින් කොහොම වුණත් කලා ශිල්පියෙක් ලෙස ඔහුට රංගනයෙන් වගේම ගායනයෙනුත් ඉදිරියට යන්නට ලැබෙන්නට කියලයි ප්‍රාර්ථනා කරන්නේ.

Rate this item
(2 votes)