May 18, 2024

රටම හැඩවූ පාරුව පෙරලුණු ඛේදවාචකයේ ජායාරූප

November 23, 2021

ත්‍රිකුණාමලය - කින්නියා - කුරිඤ්ඤංකේනි කලපුවේ පාලම් පාරුවක් පෙරලීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් පිරිසක් මිය යාමත් සමග ඊට විරෝධය පළ කරමින් කින්නියා නගරයේ විරෝධතාවක් පැවැත්වුණා.

සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් 20 දෙනෙකු පමණ රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මිය ගිය පුද්ගලයින් අතර කුඩා ළමයින් 4 දෙනෙකු ද සිටිනවා.

ඔවුන් අවුරුදු 3 හමාර, 6 සහ 8 යන වයස්වල පසුවන්නන් බවයි පොලීසිය සඳහන් කළේ.

මීට අමතරව පාරුවේ ගමන් කළ 70 හැවිරිදි පුද්ගලයෙකු සහ 30 හැවිරිදි මවක් ද ජීවිතක්ෂයට පත්වුණා.

ඇගේ දරුවන් දෙදෙනා ද මිය ගොස් සිටින බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

පාරුව පෙරළීමෙන් රෝහල් ගත කළ 20 දෙනාගෙන් 4 දෙනෙකුගේ තත්ත්වය බරපතළ අතර ඉන් එක් අයෙකු කින්නියා රෝහලේ සිට ත්‍රිකුණාමලය මහරෝහල වෙත මාරු කර යැවුණා.

පැරණි පාලම වෙනුවට කලපුව හරහා නව පාලමක් ඉදිකෙරෙමින් පවතින අතර ඒ හේතුවෙනුයි බැරල් සහ ලී යොදා ගනිමින් මෙම පාලම් පාරුව සකස් කර ඇත්තේ.

මේ අතර, මෙම ඛේදජනක සිදුවීම සම්බන්ධයෙන් මුහුණු පොතේ අතිශය සංවේදී ජායාරූප බොහෝමයක් හුවමාරු වෙමින් පවතිනවා.

Rate this item
(1 Vote)