May 07, 2024

"අපේ තාත්තා කෑම කඩයක් කළේ අම්මා පාන්දර 2ට නැගිටලා කෑම හදනවා - පුදුම දුකක් වින්දේ අපි" - චන්දිමාල්

November 21, 2021

ජයසිංහ ආරච්චිලාගේ චන්දිමාල් කියලා කිව්වහම මේ වෙද්දි නොදන්න කෙනෙක් නෑ. ඔහු එතරම්ම බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්නේ වසරක් පාසා ඔහුගේ ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වෙන රාජකීය උපන්දින සාදය නිසයි.

වෘත්තියෙන් රූපලාවණ්‍යප් ශිල්පියෙක් වන චන්දිමාල් මනාලියන් ඇන්දවීම හා මේකප් කිරීම ප්‍රධාන වෘත්තිය වශයෙන් කරන පුද්ගලයෙක්. මේ වෙද්දි සල්ලි යහමින් තියෙන පුද්ගලයෙක් කිව්වත් නිවැරදි. නමුත් ඔහු මේ වගේ ස්ථාවරත්වයක් හදාගන්නට අනේකවිධ දුක් විඳලා තියෙනවා.

ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන චන්දිමාල් මේ ක්ෂේත්‍රයට එන්නේ අහම්බෙන්. ඒ ඔහුගේ ආදරණීය අක්කගේ වෙඩින් එක දවසේ මනාලියට ඇය අඳිනවා දැක්කහම චන්දිමාල්ටත් හිතනවා රූපලාවණ්‍යවේදියෙක් වෙන්න. ඒ ආපු සිතුවිල්ල ටිකෙන් ටික හැබෑ කරගෙන තමයි ඔහු මේ ක්ෂේත්‍රයේ තැනක් හදාගන්නෙ.

මුලින්ම සිරස ඩාන්සින් ස්ටාර් වැඩසටහනේ මේකප් කරන්නේ චන්දිමාල්. ඒ අවස්ථාවේදී තමයි ඔහුට විවිධ තරාතිරමේ නළු නිළියන් මුණගැහෙන්නේ. ඉතින් උදේ ඉඳන් රෑ වෙනකම් ඒකත් කරලා ඔහුට ලැබෙන්නේ රුපියල් 3000ක මුදලක්. සමහර දවසට හිටගෙනම ඉඳලා කකුල් කැක්කුම ඒ වගේම කකුල් වල නහර ඉදිමිලා උදෙන්ම බෙහෙත් අරගෙන ආයෙත් වැඩ කරන්න ඔහු සූදානම් වෙනවා. ඒ විදියට දුකක් විඳලා තමයි චන්දිමාල් ජයසිංහ කියන චරිතය මේ වෙද්දි ඔහු ගොඩ නගා ගෙන තියෙන්නේ.

ගොඩක් දෙනෙක් චන්දිමාල්ට කරන චෝදනාවක් තමයි බොරුවට උපන්දින වලට වියදම් කරනවා කියලා  ඉතින් ඒ පිළිබඳව ඔහු අදහස් දැක්වූයේ මේ ආකාරයෙන්. දෙවියනේ මම විතරද උපන්දින සමරන්නේ. අනික මගේ උත්සවය දැවැන්ත උනාට හුඟක් දේවල් නොමිලේ ලැබෙන්නේ. මට වඩා වියදම් කරලා කීදෙනෙක් උත්සව කරනවද. දේශපාලනඥයින්ගේ පුත්තු කොච්චර ලොකු පාටි ගන්නවද. මම පුංචි මිනිහෙක් නිසාද මට මෙහෙම කතා හදන්නේ. අනික මේ මම පගා ගහලා ගත්ත සල්ලි නෙමෙයි. කොන්ද කැඩෙන කන් හිටගෙන ඉඳලා හොයන සල්ලි.

ඔහු ඒ කරන චෝදනා පිළිබඳව අදහස් දක්වන්නෙ ඒ විදිහටයි. චන්දිමාල්ට තිබිලා තියෙන්නේ ඉතාමත් දුක්ඛිත අතීතයක් ඒ කියන්නේ අම්මා තාත්තා සහෝදරිය එක්ක එකතුවෙලා ඔහු ජීවත් වෙලා තියෙන්නේ ඉතාමත් අසරනව. නමුත් කවදාවත් අම්මා තාත්තා ඔහුව බඩගින්නෙ තියලා නෑ. ඒ අතීතය පිළිබඳව චන්දිමාල් අදහස් ඉදිරිපත් කළේ මේ ආකාරයෙන්.

බොහෝම දුප්පත් පවුලක කොල්ලෙක් මම. සෑහෙන දුක් විඳලා තමයි මෙතනට ආවේ. මගේ අම්මගෙන් ඇහුවොත් කියයි අපි කොච්චර දුක් වින්දද කියලා. මමයි අක්කයි අම්මයි තාත්තයි පවුලෙ උන්නේ. තාත්තා කෑම කඩයක් කළේ. මගේ අම්මා පාන්දර 2ට නැගිටල කෑම හදන්න පටන් ගන්නේ. තාත්තා මුලු දවසම කඩේ හිටගෙන ඉන්නේ. මටයි අක්කටයි උගන්නන්න ඒ දෙන්න නොවින්ද දුකක් නැහැ.

චන්දිමල් තමාගේ කටුක අතීතය පිළිබඳව අදහස් දැක්වූයේ ඒ විදිහටයි. කෙසේ නමුත් ඔහු මේ වැඩ කාටවත් කරදරයක් වෙන්නැතුව ස්වාධීනව තමන්ගේ ජීවිතේ ගොඩ නගා ගෙන අවසන්. නමුත් ජීවිතේ එක්තරා පසුතැවීමක් ඔහුට තියෙනවා. ඒ තමයි ඔහුගේ ආදරණීය පියා ජීවිතයෙන් සමු ගැනීම නිසා යමක් ගමක් තියෙන කාලෙදී චන්දිමාල්ට පියාට සලක ගන්න බැරිවීම.

නමුත් ඔහු උදෙසා පින් දහම් කටයුතු කරන්නත් චන්දිමාල් අමතක කරන්නේ නැහැ. මේ වෙද්දි ආදරණීය අම්මා සමග ඉතාමත් සැදැහැවත් ජීවිතයක් ගත කරන ඔහු හැම දෙනාට ම පිහිට වෙන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඉතින් මේ සොඳුරු පුද්ගලයාගේ ජීවිතය දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු. 

Rate this item
(3 votes)
Last modified on Friday, 19 November 2021 19:57