May 19, 2024

"ආදරේ කරලා විවාහ වෙන එක හරියන්නේ නෑ" - ශලනි තාරකා

November 13, 2021

මේ දවස් වල ක්ශේත්‍රයේ ඉන්න කාර්යබහුලතම රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා. පසුගිය කාලයේ සම්මාන වලට පාත්‍ර වීමෙන් පස්සේ ඇයට බොහෝ වැඩකටයුතු වලට ආරාධනා ලැබෙනවා.ඒත් සමගම ප්‍රේක්ෂකයන්ට ඇයව නිරන්තරයෙන් දැක ගන්නටත් හැකියාව ලැබෙනවා. ඒ නිර්මාණ ඔස්සේ ඉතින් පසුගිය දවසක එය පුවත්පතක් සඳහා ඇගේ දීර්ඝ සාකච්ඡාවක්  කරලා තිබුණා. එහිදී ඇය මතු කරපු කාරණාවක් තමයි මේ දවස්වල ඇය රංගනයෙන් දායක වන කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයේ ස්නේහාගේ චරිතය පිළිබඳව.

ශලනිගේ සැබෑ ජීවිතයට සමාන චරිත ස්වභාවයක් තමයි කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ඇය රංගනයෙන් දායක වන ස්නේහාගේ චරිතය.ස්නේහා කියන්නේ තරමක් සංකීර්ණ චරිතයක්. ඇය හිටපු ප්‍රේමවන්තයා මියගිය ඒ ප්‍රේමය තවමත් හිතේ තියාගෙන ලතවෙන චරිතයක් ඉතින් ජීවිතයේ සිදු වූ ඇතැම් සිදුවීම් සමග මෙම චරිතය ඇයට ටිකක් සමානයි කියලා කියලා තිබුණා නමුත් ශලිනි තාරකා කියන්නේ එකම දෙයක එළඹ ගෙන කාලය වැය කරන කෙනෙක් නෙවෙයි. ස්නේහා කියන්නේ  එකම දෙයක් මත්තේම වෙහෙසෙන පිරිමින්ට වෛර කරන තැන ජීවිතය රඳවගෙන එයාගෙන්ම පළිගන්න කෙනෙක් විදියට තමයි හඳුන්වල දීල තිබුනෙ. සමස්තයක් විදිහට  වයස් භේදයකින් තොරා ස්වේතාගෙ චරිතයට සමාජය ගොඩක්  ආදරේ කරන්න පෙළඹිලා ඉන්නවා. ඉතින් නාට්‍යයට සම්බන්ධ වෙන විට මෙවැනි ආදරයක්  ලැබෙයි කියන කාරණාවක් ශලිනි හිතලා නැහැ. නමුත් අන්තර්ජාලයට ගියපුවාම පාරතොටේ  හම්බ උනහම ඔවුන්ගේ තියෙන ආදරය හොඳටම තේරෙනවා කියලා තමයි තිබුණේ.

ස්නේහා වගේම ශලිනි තාරකාත් දැන් ආදරේ කරන්න පටන් අරගෙන ද කියන ප්‍රශ්නයට ශලිනි පිළිතුරු දෙන්නේ තවම එහෙම එකක් නෑ කියලා. කාලවේලාව ආපුහාම ඒ පුද්ගලයා අනිවාර්යෙන් තමන් හොයාගෙන ඒවි කියලා තමයි සඳහන් කරල තිබුනෙ. මේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක විවාහය කියන කාරණාවට ඉක්මන් වෙන්නේ නැති කාරණාවක් කියලා තිබුණා. ‘මටත් ඉරණම් කාරයෙක් කොහේ හරි ඇති. එයා වෙලාව  එයි. ආදරේ කරලා විවාහ වෙනවාට වඩා විවාහ වුණාට පසුව ආදරය කරන එක හොඳයි කියලා දැන් හිතෙනවා. කියලා තමයි ශලිනි වැඩිදුරටත් කියලා තිබුණේ.

‘දැන් හැමෝටම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මගේ වෙඩින් එක’ - ජනප්‍රිය නිලි ශලනි තාරකා කියන කතාව

එකම සම්මාන උළෙලකදී ජනප්‍රියම නිළියට සහ හොඳම නිළියට හිමි සම්මාන ද්විත්වයම ඇය හිමිකරගන්නට පසුගිය දවසක සමත් වෙලා තිබුනා.  මේ ලැබුණු ජනප්‍රියත්වය එක සේ පවත්වාගෙන යන්නට ලේසි කාරණාවක් නෙවෙයි කියලා තමයි සඳහන් කරන්නේ. ඒත් කොච්චර ජනප්‍රිය සම්මාන ගත්තත් වැඩක් නැහැ එළියට බැස්සහම මිනිස්සු ඒ කලා කරුවාට ආදරේ නැත්නම්.ඉතින් ඇය උත්සාහ කරන්නේ සෑම වසරේම හොඳම නිළියට නිර්දේශ නාමයන් අතරට යන විදිහට වැඩ කරන්න කියලා තමයි ශලිනි තාරකා කියලා තිබුණේ.

බොහෝ ප්‍රවීනයන් නවකයන්ට කරන චෝදනාවක් තමයි දක්ෂතාවයක් නැතුව රංගනයට එනවා කියන කාරණාව. ඔවුන් දක්ෂ නැති කියන කාරණාව කාටවත් කියන්නට බැහැ කියලා තමයි කියන්නේ. හේතුව ඔවුන්ට වඩා ප්‍රවීණ ඇතැම් රංගන ශිල්පීන්ට සාපේක්ෂව වර්තමානයේ ක්ෂේත්‍රයට එන නවක රංගන ශිල්පීන් දක්ෂතාවයන් අතින් ඉහළින් සිටින කාරණාවක් මතක් කරනවා. පවුල් පසුබිම කලාවට සම්බන්ධ වුණේ නැතත් දක්ෂතාවය ඔස්සේ ක්ෂේත්රය තුළ ගමනක් යන පිරිසක් අද වෙනකොට බිහිවෙලා ඉන්නවා කියන කාරණාවත් සඳහන් කෙරෙනවා.. ඉතින් ඇය කියන කාරණාවක් තමයි තරුණ පරපුරේ දක්ෂ රංගන ශිල්පීන්ට දක්ෂ නැහැ කියලා බැන බැන ඉඳලා වැඩක් නැහැ ඔවුන්ට හොඳ නිර්මාණ ලබා දෙන්නට ඕනි දක්ෂතාවයක් පෙන්වන්න කියලා තමයි ඇය කියලා තිබුණේ.

70 80 දශකයේ අපේ සිනමාව ඉන්දියාව හා සමාන වුණාට දැන් අපිට තියෙන්නේ දුප්පත් සිනමාවක් කියලා තමයි ඇය කියන්නේ. පිටරටවල් වල වගේ දැවැන්ත රංගන පාසල් ලංකාවේ නැහැ එහෙම තියන්න තරම් දැවැන්ත කලා ක්ෂේත්‍රයක් ලංකාවෙන් නැහැ කියලත් ඇය කියලා තිබුණා.

"ශලනි කියන්නේ මගේ ජීවිතයේ මට හම්බුන සුවිශේෂී කෙනෙක්"

මේ වෙනවිට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළත් එය පෙන්න ගන්නට බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. එත් එක්කම තරුණ අද්‍යක්ශකවරු බොහෝ ප්‍රමාණයක් අද ශේත්‍රයට ඇවිත් ඉන්නවා. වෙනස් ආකාරයට ලියන වෙනස් විදිහට රූගත කිරීම් කෙරෙන තරුණ අධ්‍යක්ෂවරුන් ශේත්‍රයට ආවත් ඔවුන් ඔවුන්ගේ නිර්මාණ තිරගත කරගන්න ලොකු කාලයක් බලාගෙන ඉන්න වෙනවා කියලත් සඳහන් කරලා තිබුනා.

පසුගිය නිරෝධායන කාල සීමාවේ දී   මේක් අප් නමින් කෙටි චිත්‍රපටයක් ඇය කළා. ඊට කලින් කොරන්ටීන් යන නමින් ජංගම දුරකථනයෙන් පටිගත කරපු නිර්මාණයකුත්  කරලා තිබුණා. ඉතින් මේකප් නිර්මාණය මේ වන විට යූටියුබ් මාධ්‍ය හරහා පවා දැකගන්නට පුලුවන් කමක් තියෙනවා. ශලිනි ඊළඟට කරන වෙනස් වැඩේ මොකක්ද කියන එක ගැන තාම ලොකුවට ඇය සඳහන් කරන්නේ නැහැ. අලුත් වැඩ කිහිපයක් භාරගෙන තියනවා වූවත් චරිත එකිනෙකට වෙනස් බව තමයි සඳහන් කරන්නේ . පරණ රංගන ශිල්පීන් බොහෝවිට එක් නිර්මාණයකට රංගන දායකත්වය ලබා දෙන විට තවත් නිර්මාණ බාර ගන්නේ නැහැ. නමුත් ශලනි කියන කාරණාවක් තමයි ලංකාවේ දැන් තියෙන ආර්ථික තත්වයත් එක්ක රංගන ශිල්පීන්ට එහෙම කටයුතු කරන්නට බැහැ කියන කාරණාව. මේ හේතුව නිසාවෙන් එකවර චරිත කිහිපයකට රංගන දායකත්වය ලබා දෙන්නට සිද්ධ වෙනවා. එවැනි පසුබිමක වුවත් ඇය හොඳම සහ ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගන්නවා.

“අවුරුදු 4ක් ගිහිල්ලත් අතීතෙන් ගොඩඑන්න බැරුව දගලන, උතුම් රටේ ශ්‍රී ලාංකික පිරිමි” - ශලනි රිදෙන්නම කියපු කතාව

ඇය කියන තවත් කාරණාවක් තමයි තව අවුරුදු පහකින් ඇයට තරුණ චරිත කරන්නට බැහැ ඉගෙන කාරණාව ලැබුණත් ඇයට ඒවා බාර ගන්නට නොහැකි බව මතක් කරනවා. තරුණ පෙම්වතියගේ චරිත වලට අලුත් අයට චාන්ස් එකක් දෙන්න ඕන කියන දේ තමයි සඳහන් කරලා තිබුණේ.

ඉතිං සියල්ල අවසානයේ ජනප්‍රියම සහ හොදම රංගන ශිල්පිනියක් විදිහට අද වෙන විට රංගන ක්ෂේත්‍රය තුළ දැවැන්ත නමක් හිමිකරගන්නට ශලනි තාරකා කියන රංගන ශිල්පිනියට හැකිවෙලා තිබෙනවා. රියලිටි තරගාවලියකින් ඇවිල්ලා අද වෙනකොට රටක් ලෝකයක් හඳුන්වන රංගන ශිල්පිනියක් වෙන්න ඇය කරපු කැපකිරීම් ඉමහත් කියන කාරණාවක් මතක් කළ යුතුමයි. කෙසේ වෙතත් ඇයගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

“ශලනි මාත් එක්ක රඟපෑමට ඇවිල්ලා ගත්තේ ලොකු රිස්ක් එකක්” - සචින් ලියනගේ

 

Rate this item
(0 votes)