May 08, 2024

තෝ ඔච්චරටම පොට්ටයෙක්ද? - ඡායාරූප ශිල්පියෙක්ට පියුමි ප්‍රසිද්ධියේ බණී : ඡායාරූප ශිල්පියාගෙනුත් ක්ෂණික ප්‍රතිචාර

November 11, 2021

පසුගිය දිනක චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. මේ සඳහා ලංකාවේ ජනප්‍රිය තරු කිහිප දෙනෙක්ම සහභාගී වී තිබුණා.

මේ අතර බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත සුරූපී පියුමි හංසමාලිගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය වෙන්න පටන් ගත්තා. එම ඡායාරූපය ලබාගත් බව කියන ඡායාරූප ශිල්පියෙකුට පියුමි විසින් සමාජ මාධ්‍ය හරහා දොස් පවරා තිබුණා.

නමුත් ඇය මෙලෙස චෝදනා එල්ල කළ ඡායාරූප ශිල්පියා පවසන්නේ ඔහු මෙම සාදයේ වීඩියෝගත කිරීම පමණක් සිදු කළ බවත් ඡායාරූප ගත කිරීම ඔහු විසින් සිදු නොකළ බවත්ය. එමෙන්ම මේ සම්බන්ධව පියුමි හන්සමාලි සමග සුහදව සාකච්ඡා කොට ගැටළුව නිරාකරණය කර ගත් බවත් ඔහු පවසනවා.

Rate this item
(1 Vote)