May 19, 2024

"මොන විදියකට හරි සාර්ථකත්වයක් තියෙනවා නම් ඒ ඇය නිසා" - සචින්ට ලැබුණ වටිනාම දේ ගැන කියයි

November 11, 2021

සචින් ලියනගේ කියන්නේ මේ දිනවල පුංචි තිරය හරහා ඉතාමත් ජනප්‍රියත්වයට පත් වුණු රංගන ශිල්පියෙක්. ඒ කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය නිසා.

නිර්වාන් ගේ චරිතයට රංගනයෙන් දායක වන සචින් පසුගිය සතිඅන්ත පුවත්පත් සාකච්ඡාවකට එකතු වෙමින් මේ චරිතය ගැන වගේම ඔහුගේ රංගන ජීවිතය ගැනත් අදහස් දක්වා තිබුණා .

එහිදී නිර්වාන් චරිතය හරහා සචින්ගේ ජීවිතයට ලැබුණු දේවල් ගැන ඔහු කියලා තිබුනේ මෙන්න මේ විදිහට..

මම වෙළඳ දැන්වීම්, මියුසික් වීඩියෝ සහ ටෙලි නාට්‍යයක වැඩ කරලා තිබුණට මිනිස්සු මාව දැනගෙන හිටියේ නැහැ. ඒ හරහා මිනිස්සු අතරට ගියාම රැඳෙන්න මට බැරිවුණා. මිනිස්සු අතර රැඳෙන්න ප්‍රේක්ෂක ආදරේ බලන්න මට වාසනාව දුන්නේ නිර්වාන්ගේ චරිතය. දැන් සචින් කියනවට වඩා හැමෝම දන්නේ කතාකරන්නේ නිර්වාන් කියලා.මේ හැමදේටම මම ස්තුති කරන්න ඕන කියා. දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ධනුෂ්ක අයියා.

මහේෂ් අයියා, දුලිකා අක්කා, ප්‍රියන්ත අයියා කොඩිතුවක්කු සර්, මීනා අක්කා මේ අයට විශේෂයෙන් අලුත් කෙනෙක් ප්‍රධාන චරිතයක් කරන ටෙලි නාට්‍යයක. ඒ වගේ පුද්ගලයන් වගකීම ගන්න කියන්නේ ඒක මට මාර සතුටක්. මම ගොඩක් වාසනාවන්තයි. ශලිනි අක්කා වගේ කෙනෙක් එක්ක රඟපාන්න ලැබුණු එකට.

ශලිනි කියන්නේ මට ජීවිතේ මුණ ගැහුණු ඉතාම හොඳ මිතුරියක්. මේ චරිතය තුළ මට වැරදෙන දේවල් මම වරද්දන දේවල් හදාගත යුතු තැන් ගොඩක් දේවල් මට කියලා දෙන්නේ ශලිනි අක්කා. මේ චරිත දෙකේ මොන විදියකට හරි සාර්ථකත්වයක් තියෙනවා නම් ඒ ඇයගෙන් ලැබුණු සහයෝගය නිසාම තමයි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 10 November 2021 18:28