April 28, 2024

කූරගල පන්සලේ ප්‍රථම කඨින පිංකම (PHOTOS)

November 09, 2021

කූරගල ලෙන් විහාරය නමින් ප්‍රචලිත බලංගොඩ, කල්තොට ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික කූරගල රජමහා විහාරය ප්‍රතිසංස්කරණය කර ‘ශාසනයට’ පූජා කිරීමෙන් අනතුරුව පැවැත්වෙන ප්‍රථම ‘කඨින දුශ්‍රය’ පූජා කිරීමේ උත්සවය පසුගිය (07) උදෑසන පැවැත්වුණා. වඩමවා වඳල මහා සංඝරත්නය 200 නමක පමණ සහභාගීත්වයෙන් පැවැති මෙම පූජෝත්සවයට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකකයේ සභාපතිනි සුජිවා නෙල්සන් මහත්මිය ඇතුළු සැදැහැවත් බැතිමතුන් රැසක් සහභාගි වුණා.

කූරගල රජමහා විහාරයේ සහ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන් විසින් මීට වසරකට පමණ පෙරාතුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ප්‍රාග් ඓතිහාසික වටිනාකමක් සහිත කූරගල රජමහා විහාරස්ථානය, සමගිය සංහිඳියාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණ පෙරදැරිව බෞද්ධ සහ අනෙකුත් සියලු ආගමික ප්‍රජාවගේ සහයෝගය ඇතිව යුද්ධ හමුදා භටපිරිස් සිය තාක්‍ෂණික දැනුම හා ශ්‍රමදායකත්වය යොදාගනිමින් ප්‍රතිසංස්කරණය සිදු කළා.

වසර 2500 කට වඩා ඉපැරණි ‘කඨින චීවර’ පූජා කිරීමේ සම්ප්‍රදාය යනු, මාස තුනකට අධික කාලයක් වස් සමාදන් වු භික්ෂූන් වහන්සේලාට සිවුරු පූජා කර ලොව පුරා සැදැහැවත් බෞද්ධ ජනතාව වසරකට වරක් කුසල් එක් රැස් කරගැනීමට ලැබෙන අවස්ථාවක් ලෙස හැදින්වෙනවා.

බෙර වාදකයින්, නර්ථන කණ්ඩායම්, ධජ රැගත් කණ්ඩායම් පෙරටු කරගත් අලංකාරවත් පෙරහැරකින් මහා සංඝරත්නය සහ ‘කඨීන දුශ්‍රය’ පෙරේදා (07) දින අලුයම එම විහාරස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද ධර්ම ශාලාව වෙත ඉමහත් ගෞරවයෙන් යුතුව වැඩම කරවනු ලැබුවා. ඉන් අනතුරුව, විහාරස්ථානය වෙත වැඩම කල ‘කඨීන දුශ්‍රය’ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ගෞරවයෙන් යුතුව පිළිගැන්වුවා.       

මෙම අවස්ථාවට වැඩමවා වඳාළ මහා සංඝරත්නය පූණ්‍යානුමෝදනාව සිදුකිරීමෙන් අනතුරුව හීල් දානය පිරිනමා උන්වහන්සේලාට ‘පිරිකර’ ද පූජා කළා. වැඩමවා වඳාල නාහිමිපාණන් වහන්සේ විසින් කෙටි අනුශාසනාවක් සිදුකරමින් දෙදිනක් පුරා පැවැති මෙම ‘කඨින’ පිංකටම සම්බන්ධ වු සියලුදෙනාට ආශිර්වාද එක් කළා.

එදින මධ්‍යහනේ මහා සංඝරත්නය 200 නමක් විශයෙහිලා සාංඝික දානය පූජා කිරීමෙන් අනතුරුව භික්‍ෂුන් වහන්සේලාට කඨින චීවරය පූජා කිරීමේ මහා පූජෝත්සවය පැවැත්වුණා.

මෙම ඓතිහාසික පුදබිම යළි ගොඩනැගිම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් දැක්වූ කැපවීම සිහිපත් කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කූරගල රජමහා විහාරස්ථාන පරිශ්‍රයේ ‘නා’ පැළයක් ද රෝපණය කළා.

‘කඨින දුශ්‍රය’ පූජා කිරීමේ උත්සවයට සමගාමීව සර්ව රාත්‍රික සෙත් පිරිත් සඡ්ඣායනාවක් ඉකුත් සෙනසුරාදා (06) දින විහාරස්ථාන පරිශ්‍රයේ පිහිටි නව ධර්ම ශාලාවේදී පැවැත්වුවා. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විහාරස්ථාන පරිශ්‍රයේ විදුලි පහන් ආලෝකමත් කිරීමෙන් අනතුරුව බුද්ධ පූජාවේ ගිලන්පස පූජා කර ආශිර්වාද ලබාගත්තා. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිවරයා පිරිවානා පොත් වහන්සේ සමඟ සධාතුක කරඬුව පිරිත් මණ්ඩපය වෙත වැඩම කරවීමෙන් අනතුරුව පිරිත් සජ්ඣායනා කිරිම සඳහා වැඩමවා වඳාළ මහා සංඝරත්නය වෙත ගෞරවයෙන් යුතුව ආරාධනා කළා.

‘කඨින දුශ්‍රය’ පූජා කිරිමේ උත්සවයට සමගාමීව පැවති ධර්ම දේශණාව පැවැත්වීම සඳහා යුද්ධ හමුදා බෞද්ධ සංගමයේ සභාපති මෙන්ම ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් සුජිව සෙනරත් යාපා විසින් මෙම ඓතිහාසික විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන් වෙත දැහැත්වට්ටිය පූජා කර ගෞරවයෙන් යුතුව ආරාධනා කළා.

මෙම ‘කඨින දුශ්‍රය’ පූජා කිරීමේ ප්‍රධාන උත්සවයට සමගාමීව සෙනසුරාදා (06) දින පැවැති ආගමික වැඩසටහන අතරතුර ‘පහන්කන්ද තෙරුවන් වන්දනාව’, ධර්ම දේශනා, බුද්ධ පූජාව සහ ‘චතුමදුර පූජාව’ ඇතුළු පිංකම් රැසක් පැවැත්වුණා. 

සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශන්ට අනුකූලව පැවැති මෙම ආගමික පූණ්‍ය උත්සවය සඳහා මහා සංඝරත්නය, සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය , ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින්, ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරින්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරින් සහ සැදැහැවත් බෞද්ධ පිංවතුන් සහභාගි වුණා.

May be an image of 5 people
May be an image of one or more people, people standing, military uniform and outdoors
May be an image of one or more people, people standing and outdoors
May be an image of 5 people, people standing and text that says 'www.army.lk'
May be an image of 3 people, people standing and indoor
Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 November 2021 11:38