May 18, 2024

මව්පිය පදවිය ලැබූ දිනක්ෂියි සාරංගයි ගෙදරට වෙලා තනියම නැටුවේ ඇයි?

November 05, 2021

ඔන්න ඉතින් හැමෝම අහන්න කැමතිම මාතෘකාවක් වන දිනක්ෂි සහ සාරංග යුවල ගැන හැමදාමත් සමජමාධ්‍ය තුල අහන්න ලැබෙනවා. ඒ පුංචි දියණිය මොනතරම් වාසනාවන්තද කියනවා නම් ඇය ඉපදුනු දා පටන්ම රටේම ආදරය වගේම සුභපැතුම් ඔවුන්ට ලැබුනා. එලෙසින් මුලු රටක්ම ආදරේ කරන කළා යුවලක් මේ දෙදෙනා දැන් රටේ ජනප්‍රියම කළා යුවලක් බවට පත් වෙලා සිටිනවා. ක්ෂ රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් සහ නිරුපන ශිල්පිනියක් විදිහට දිනක්ෂිව හඳුවන්න පුළුවන්. මොකද දිනක්ෂිගේ පවුල වන ප්‍රියසාද් පවුල කියන්නේ කළා ක්ෂේත්‍රය තුල සිටින ප්‍රවීන පවුලක් කියලා කියන්න පුලුවන්.

දැන්නම් මේ දෙන්නා කළා කටයුතු හැම දෙයක්ම පසෙකට දාලා පුංචි දියණිය වෙනුවෙන් දවසේ වැඩි වෙලාවක් ගත කරනවා. ඉතින් මේ පවුලේ බබාව පිළිගන්න වැඩියෙන්ම ආසාවෙන් හිටිය තමයි කෙනෙක් තමයි දිනක්ෂිගේ නංගි ශනුද්‍රි. බබාව ලැබෙන්න කලින් ඉඳලම ඇය ගොඩක් සතුටින් ඉඳලා තියෙන්නේ දැන් මම පුංචි කෙනෙක් වෙන්න යනවා කියලා. ඒ වෙනුවෙන් සාරංගට සහ දිනක්ෂිට ස්තුතී කරලත් තිබුනා. ඒ වගේම කාන්තාවකට සහ පිරිමියෙකුට මේ ලෝකයේ ලැබෙන වටිනාම දෙයක් තියනවා නම් ඒ තමයි මව් පිය පදවිය කියලා කියන්නේ. ඒ නිසාම දිනක්ෂි සහ සාරංග දෙදෙනාම මේ දවස්වල ඉන්නේ ඉතාම සතුටින්. ඒ සතුට නිසාම පසුගිය දිනයක මේ දෙන්න ලස්සන ඩාන්ස් එකක් කරාලා ප්‍රේක්ෂකයින්ට නරඹන්නට මුහුණු පොතට එකතු කරලා තිබුනා. එහිදී සාරංග පුංචි වදනකුත් සටහන් කරලා තිබුනා ඒ තමයි ‘ලංකාවේ පළවෙනි.එක්කො ඕනෙ නෑ.එන්න අපි නටමු’ කියලා.

ලංකාවේ පළවෙනි..... එක්කො ඕනෙ නෑ... ? එන්න අපි නටමු ? Late for trends as always ?? Dinakshie Priyasad

Rate this item
(11 votes)
Last modified on Thursday, 04 November 2021 19:11