May 18, 2024

මහ රෑට අඬන බබාව නලවගන්න දිනක්ෂි කරන අපූරු වැඩේ

November 04, 2021

දිනක්ෂි ප්‍රියසාද් සහ සාරංග දිසාසේකර කියලා කියන්නේ නිරන්තරයෙන් විවිධ පුවත් මවන රංගන ශිල්පීන් දෙපලක්. කාලයක් තිස්සේ සමාජයේ විවිධ ගැරහුම් වලට පාත්‍ර වූ මොවුන් දෙපළ ඒවාට නොසැලී ඉදිරියටම ගමන් කර සිය ජීවිතය සාර්ථක කර ගනිමින් සිටිනවා. මේ වන විට ඔවුන් දෙපළ පුංචි දියණියකගේ දෙමව්පියන් වී අවසානයි. මොන තරම් බාධක හමුවේ වුවද සිනාසෙමින් ඒවාට මුහුණදීමට ඔවුන්ට හැකියාව ලැබුණා. ඉතින් මේ ප්‍රියසාද් පවුලේ අලුත්ම සාමාජිකයා පිළිගැනීමට ඇඟිලි ගනිමින් සිටි පිරිස අතරේ සිටින එක් සුවිශේෂී ආදරණීය යුවතියක් සිටිනවා. ඒ තමයි ශනුද්‍රි ප්‍රියසාද්. දිනක්ෂි ප්‍රියසාද්ගේ බාලම නැගණිය වන ඇය ඔවුන්ගේ කැදැල්ලට එකතු වෙන මේ ආදරණීය පුංචි අමුත්තා මෙලොව එළිය දකිනතුරු නොඉවසිල්ලෙන් බලාගෙන සිටි බව ඔබ අප කවුරුත් දන්නා කරුණක්.

දිනක්ෂි මේ දවස් වල පුංචි පැටියත් එක්ක  කාලය ගත කරන්නේ  මහගෙදර ඒ කියන්නේ ඇය ජීවත් වෙච්ච ගෙදර. ඉතින් ගෙදර ඇය මේ වෙද්දි ඉන්නේ දිනක්ෂිගේ බාල නැඟණිය වන ශනුද්‍රි, අම්මා, තාත්තා ඇතුළු පවුලේ සියලුම දෙනා එක්කයි. පසුගිය දිනක රූපවාහිනි වැඩසටහනකට සහභාගී වන දිනක්ෂිගේ ආදරණීය නැගණිය වන ශනුද්‍රි තමන්ගේ සෙනෙහෙබර අක්කගේ අලුත් ජීවිතය පිළිබඳ හරි අපූරු කතාවක් ප්‍රකාශ කළා.

ප්‍රියසාද් පවුලේ දියණියන් තිදෙනාගේ අලුත්ම රාජකාරිය මෙන්න (PHOTOS)

මහ ගෙදර අක්කයි ඉන්න නිසා ශනුද්‍රි නිතරම ඇයට උදව් උපකාර කරනවා. නමුත් මහ රෑට එකපාරටම බබා කෑගහලා අඬනකොට බබාව නලවගන්න දිනක්ෂි  කරන්නේ හරි අපූරු වැඩක්. ඉතින් ඒ පිළිබඳව තමයි ශනුද්‍රි මේ ප්‍රසිද්ධ වැඩසටහන හරහා ප්‍රකාශ කළේ. මහ රෑට ළමයා අඩනකොට දිනක්ෂි ජංගම දුරකථනය අරගෙන ළමයා අඬන සද්දේ අහන්න තමන්ගේ අම්මට දෙනවා. ඉතින් අම්මත් ඉන්නේ එකම ගෙදර. අම්මා කියලා කතා කරන්නෙ නැතුව දුරකථන ඇමතුමක් ඇරගෙන ළමයා අඩන සද්දෙ අහන්න දීපු ගමන්ම අම්මා දුවගෙන එනවාලු බබාව නලවන්න. 

බබාව නලවගන්න ඉතාමත් ලෙහෙසියෙන් සහ පහසුවෙන් දිනක්ෂි  විසින් කරන මේ අපූරු ක්‍රියාවට බොහෝ දෙනෙක් විවිධ අදහස් පළ කරලා තිබුණා. කෙසේ නමුත් තාමත් අලුත් ජීවිතයට හැඩ ගැසෙමින් තමන්ගේ ආදරණීය දියණියත් සමග කාලය ගත කරන්නට උත්සාහ කරන ඇයට සහ සාරංගට ඔවුන්ගේ ජීවිතය දිනෙන් දින ම සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

May be an image of child and indoor

මඩ ගහන අයට දිනක්ෂි රිදෙන්නම කියූ කතාව

Rate this item
(35 votes)