May 18, 2024

මඩ ගහන අයට දිනක්ෂි රිදෙන්නම කියූ කතාව

November 01, 2021

දිනක්ෂි කියන නම ඇහෙන්නේ නැති දවසක් නැති තරම්. දිනක්ෂි, සාරංග මේ නම් දෙක හැමදාමත් ඇහෙනවා වගේම දකින්නත් ලැබෙනවා. කොහොම නමුත් ගොසිප් අතර උඩින්ම ඉන්න දෙන්නෙක් තමයි දිනක්ෂි, සාරංග කියන්නේ. කලා ක්ෂේත්‍රයේ සිය හැකියාවන්ගෙන් ලැබූ පන්නරය සහ අගය කිරීම් නිසාවෙන්ම ලංකාවේ ජනප්‍රියම තලයට පත්වෙන්න පුළුවන් වුන තරුණියක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. මෙයාලා ගැන එක එක අය කියන්නේ එක එක කතා. ඒ දේවල් දැන් සාමාන්‍ය වෙලා.

ජනප්‍රිය චරිතයක් වුනාම සමාජයේ අවධානය යොමු වෙනවා වැඩියිනේ. ඔවුන් ප්‍රසිද්ධියක් නැතිවුනා නම් ඔවුන් කරන කියන දේවල් මිනිස්සු ප්‍රසිද්ධියේ විවේචනය කරන්න යන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. දිනක්ෂිට සමාජ මාධ්‍ය තුල ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒ ප්‍රතිචාර අතර හොද වගේම නරක දේවලුත් තියෙනවා. ඉතින් මොන ප්‍රතිචාරය ලැබුනත් ඒවාට නොවැටී තමන්ගේ ගමන යන්න දිනක්ෂි ශක්තිමත් වුනා.

දිනක්ෂි දැන් ආදරණිය අම්මා කෙනෙක්. ජිවිතයේ මුල්ම වතාවට අම්මා කෙනෙක් වීමේ සතුට එක්ක ඇය කාලය ගත කරන්නේ. දෝණි ඇය තුරුලට ඇවිත් දැන් මාසයක් වෙනවා. ඉතින් චුටි දෝනි එක්ක ඉන්න පින්තූර ඔවුන් සමාජ මාධ්‍යයේ හුමාරු කරනවා. තමන් කැමති දේ තමන්ට කරන්න අයිතිය හැමෝටම තියෙනවා. ඉතින් එයාගේ දරුවා ගැන විස්තර සතුටින් තමයි දිනක්ෂි, සාරංග සමාජ මාධ්‍යට එක්කරන්නේ. ඉතින් සමහරු ඒවාට විවිධාකාර ප්‍රතිචාර දක්වනවා. ඉතින් ඒ හැම දෙයක්ම දරාගෙන දිනක්ෂි අපුරු සටහනක් සමාජ මාධ්‍යට එක්කර තිබුනා.

"තමන්ගේ කතාව සිද්ධාර්ථ ,පත්තිනි, රෝමියෝ, සාලිය වේශයෙන් ලියා. අනුන්ගේ කතා කඩවර, කාලි, දේවදත්ත , අම්බපාලි ආරුඪයෙන් ලියන්න එපා." එහෙම තමයි දිනක්ෂි සටහනක් එක්කරලා තිබුනේ. හැමෝගෙම ජිවිතේ අඩුපාඩු තියෙනවා. අඩුපාඩු නැති කෙනෙක් මේ ලෝකේ හොයන්න බැහැ.

Rate this item
(34 votes)
Last modified on Sunday, 31 October 2021 20:34