May 19, 2024

‘දැන් හැමෝටම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මගේ වෙඩින් එක’ - ජනප්‍රිය නිලි ශලනි තාරකා කියන කතාව

වර්තමානයේ මැයව නොදන්න කිසි කෙනෙක් නැති තරම්. පුංචි තිරයේ නැගී එන රංගන ශිල්පිනියක් වගේම සුන්දර රුවකට හිමිකම් කියන ඇය නමින් ශලනි තාරකා. අද අපේ කාලය ඇයට වෙන් කරන්න අපි හිතුවා. මේ වන විට ටෙලිනාට්‍ය රැසකට සම්බන්ධ වු ඇය ප්‍රධාන චරිත කිහිපයකට සිය දායකත්වය දී තිබෙනවා. ඇය පිලිබඳ කතා කරන්න පුළුවන් වුවත් ඇ⁣ගේ රංගන හැකියාව පිළිබඳ කතා කර අවසන් කරන්න නොහැකි තරම්.

ශලනි ඔබ දරාගැනිම් අතින් ප්‍රබල කෙනෙක්. මුලින්ම ඒ ගැන කතා කලොත්, “ඔව් මම සෑහෙන්න මානසිකව වැටුන කාලයක් තිබුනා. තනියම විදිවපු තනියම ගෙවුන කාලයක් තිබුනා. මම හිතන්නේ කෙල්ලෙක් වුනහම ළඳ බොලද වෙලා ප්‍රශ්න ඉදිරියේ මුහුණ දෙන්න බෑ කියලා. මොකද ප්‍රශ්න එන්න එන්න නැගිටින්න අනිවාර්යයෙන් හදවත ශක්තිමත් වෙන්න ඕනි. මට ගහපු මඩ වලට මම මගේ ගමන නතර කලානම් අද කලාවේ මට මෙච්චර දුරක් ⁣එන්න බෑ.”

May be an image of 3 people, beard, people sitting, wrist watch and indoor

රංගනයෙන් ඔබ ඔබේ හැකියාව පෙන්වා අවසන්. ඔබ ගීත රචිකාවික් නමුත් ඔබ මෑත කාලයේ ඒ දේවල් නතර කරලද, “මම ඉස්සර ඉදන්ම සිංදු ලියපු කෙනෙක්. හැබැයි උනන්දුවෙන් ඒ දේ කලේ නෑ. මම ලියපු සිංදු දෙකක් නාලිකා වල විකාශය වුනා. ඉතින් ඒ එක්ක මම සිංදු ලියන්න පටන් ගන්න හිතුවා ආයේත්. මම මේ දවස්වල ම⁣ගේ තුන්වැනි ගීතය ලියාගෙන යනවා.”

ශලිනි විවාහය ගැන කතා කලොත්, “අපි අනිවාර්යයෙන් විවාහ වෙන්න ඕනි අපේ වයස ආවහම කියන මතය තියෙන්නේ මනුස්සයන්ගේ හිත් වල. එහෙම වයසක් කාලයක් විවාහයේ තියෙනවා කියලා මම හිතන්නේ නෑ. මොකද අනිවාර්යයෙන් අපි අපිට ගැළපෙන කෙනා හමුවුනහම තමා විවාහය කියන දේ ගැන හිතන්න උත්සහ කරන්න ඕන. හැබැයි දැන් ගොඩක් අයට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මගේ විවාහය ගැන. අපේ ගෙදර අයටවත් නැති උනන්දුවක් පිට අයට තියෙන්නේ”

ආදරය ගැන වගේම විරහව ගැනත් ශලිනි දන්නවා ඇති. ඒ ගැන දෙයක් පැහැදිලි කලොත්, “මම විරහව විදලා තියෙනවා. මම ලියන ගොඩක් දේවල් විරහවට බර නිසාදෝ ⁣ගොඩක් අය මම විරහවෙන්ද අහනවා. මම ලියන දේවල් මගේ අත්දැකිමෙන් ලියනවා. හැබැයි විරහම ඉස්සර මම නැගිටපු කෙනෙක්. විරහව තියෙද්දි හදවතට දැනෙන වචන පවාහරි අපූරූයි. මොකද ඒ වෙලාවේ හදවතට දැනේනනේ හරිම හරි හැගිමක්.” කියලයි.

"ශලනි කියන්නේ මගේ ජීවිතයේ මට හම්බුන සුවිශේෂී කෙනෙක්"

“ශලනි මාත් එක්ක රඟපෑමට ඇවිල්ලා ගත්තේ ලොකු රිස්ක් එකක්” - සචින් ලියනගේ

“අවුරුදු 4ක් ගිහිල්ලත් අතීතෙන් ගොඩඑන්න බැරුව දගලන, උතුම් රටේ ශ්‍රී ලාංකික පිරිමි” - ශලනි රිදෙන්නම කියපු කතාව

Rate this item
(11 votes)
Last modified on Sunday, 24 October 2021 21:01