May 19, 2024

"මිනිස්සු මොනවා කිවුවත් මගේ ඇගේ වදින්නේ නැහැ, පව් අසරණ ජීවිත" - ශලනි තාරකා

ශලිනි තාරක කියලා කියන්නේ මේ වනවිට අපේ රටේ ඉන්න ඉතාම ජනප්‍රිය අති දක්ෂ සුන්දර රංගන ශිල්පිනියක් කිවුවොත් හරියටම හරි. කොහොම නමුත් කාලෙන් කාලෙට ඇය ගැන විවිධ කතා මැවෙනවා. ඉතින් ඇයගේ පෞද්ගලික ජීවිතේ ගැන ඇය පහුගිය දවසක පුවත්පතක් එක්ක කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි. මගේ පෞද්ගලික ජීවිතේ ගැන මන් ප්‍රසිද්ද කරන්න කැමති නැහැ. මම විවාහ වෙනවානම් ඒක මන් කැමති කාලේදී සිදු වේවි. මට පෙම්වතුන් ඉදලා තියනවා. නමුත් මගේ පෞද්ගලික ජීවිතේට වඩා රංගන ජීවිතේ තමයි මිනිස්සු විවේචනය කරන්න ඕනේ කියලයි මම විස්වාස කරන්නේ. සමහරු අපේ ගෙවල් වලට ඇවිත් ජීවත් වෙනවා වගේ අපිට චරිත සහතික දෙනවා. මගේ පෞද්ගලික ජීවිතේ ගැන කවුරුත් දන්නේ නැහැ. ඒක තමයි ඇත්ත.

May be an image of 3 people, beard, people sitting, wrist watch and indoor

රංගන ජීවිතේ මට සමහර වෙලාවට හිතිලා තියෙනවා අපරාදේ නිලියක් වුනේ කියලා. මිනිසුන්ගෙන් කතන්දර එන කාලේ මාව නොමරා මරණ කාල වලදී අපරාදේ නිලියක් වුනේ කියලා හිතිලා තියනවා. හැබැයි එහෙම උනානම් මගේ ජීවිතේ මෙච්චර ශක්තිමත් වෙන්නේ නැහැ. මට දැන් මිනිස්සු කියන දේවල් ගානක්වත් නැහැ. මට ඒ මිනිස්සු ගැන පව්, අපරාදේ ඒ ගොල්ලෝ ලේ කෝප කරගෙන පව් පුරවාගෙන සල්ලි වියදම් කරගෙන sms ගහගෙන කරන දේවල් දැකලා දැන් හිනා යනවා. ඇත්තටම ඒ මිනිස්සු ලේ කෝප කරගෙන කියන කරන දේවල් අපි හිනා වේවි බලද්දී අපේ ලේ පිරිසිදු වෙනවා. අසරණ ජීවිත කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ මිනිස්සු මොනවා කිවුවත් මගේ ඇගේ වදින්නේ නැහැ.

May be an image of 1 person

ඉතින් ඒ වගේම මගේ හිත හයිය වුනේම ඔය මිනිස්සු ගහපු ගල් හින්දමයි. ඒ සිදුවීමෙන් පස්සේ මන් පුදුමාකාර විදිහට මානසිකව වැටුණා. ඇති තරම් ඇඩුවා. මාස කිහිපයක් මන් තනියම ඇඩුවා. දැන් මට කිසිම දේකට අඩෙන්නේ නැහැ. කාලා ක්ෂේත්‍රයට මම ආයේ එන්නේ නැහැ කියන මානසිකත්වයේ මම හිටියා. නමුත් මගේ දෛවය ඊට වඩා වෙනස්. ස්භාව ධර්මය මාව ශක්තිමත් කළා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

May be an image of 1 person, standing and indoor

May be an image of 2 people and people standing

Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 October 2021 21:44